ටෝකියෝහි කප් ගැසූ ‘විහඟ ප්‍රේමය’

178

සංජීව පුෂ්පකුමාර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ “විහඟ ප්‍රේමය” හෙවත් Peacock Lament සිනමාපටය 35 වැනි ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟකාරි අංශයේ (International Competition) හොඳම චිත්‍රපටයට හිමි සම්මානය පෙරේදා (02 වැනිදා) හිමිකරගෙන තිබේ.

සබීතා පෙරේරා, අකලංක ප්‍රභාෂ්වර, ඩිනාරා පුංචිහේවා, මහේන්ද්‍ර පෙරේරා, අමිත්ත වීරසිංහ, යශෝධා රසඳුනි, ඩිස්නි රාජපක්ෂ සහ ප්‍රකට ඉතාලි ජාතික රංගන ශිල්පී ලෝරන්ස්සෝ අක්කුවිවා (Lorenzo Acquaviva) ඇතුළු පිරිසක් සිනමාපටය සඳහා රංගනයෙන් එක් වෙයි.

ටෝකියෝහි කප් ගැසූ 'විහඟ ප්‍රේමය'

විහඟ ප්‍රේමය චිත්‍රපටය ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරුණු ප්‍රථම නිල චිත්‍රපට නිෂ්පාදනයයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් සංජීව පුෂ්පකුමාර සහ අමිල් අබේසුන්දර නිෂ්පාදකයින් ලෙස කටයුතු කරන අතර ඉතාලිය වෙනුවෙන් ෆිල්ග්‍රිම්ස් නිෂ්පාදන සමාගම වෙනුවෙන් ආන්ද්‍රයො මැග්නානි (Andrea Magnani) සහ කියාරා බාබෝ (Chiara Barbo) කටයුතු කරයි. සම නිෂ්පාදනයෙන් සුරංග හඳපාන්ගොඩ, යුගන්ති යශෝදරා සහ සංගීතා නිල්නදී ගොඩගම කටයුතු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment