ටෝකියෝ ඔලිම්පික් උළෙල ඇරැඹේ…..

168

වර්ෂ 1896 සිට සිව් වසරකට වතාවක් බැගින් ක‍්‍රියාත්මක කෙරුණු නූතන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි 32 වැන්න ඊයේ (23* සන්ධ්‍යාවේ ජපානයේ ටෝකියෝ අගනුවර ජාතික ඔලිම්පික් ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වූයේ විචිත‍්‍රවත් සමාරම්භක උත්සවයකින් හැඩ ගන්වමිනි.

තම රටේ අභිමානය මෙන්ම සංවිධාන ශක්තියේ බලමහිමය මොනවට ප‍්‍රදර්ශනය කරමින් මෙවර සමාරම්භක උත්සවය ජපනුන් විසින් ලොව හමුවේ දිග හැරීමට ගත් උත්සාහය කැපී පෙනුණි.

olympics1

 
 සංස්කෘතිකමය හැකියාවන් මෙන්ම රිද්මානුකූල ක‍්‍රියාකාරකම් සමාරම්භක උත්සවයට අන්තර්ගත කර තිබීම ඒ අතරේ ඉහළ අගයක් ගත්තේය.
 
 18 වැන්න ලෙස 1964 වසරේ දී පවත්වන ලද ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට වඩා බොහෝ ඉදිරියෙන් පසුවෙමින් 2020 (2021* ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ජපනුන් විසින් සංවිධානය කර තිබුණු ආකාරයක් එමගින් ලොව ඉදිරියේ ප‍්‍රකට කෙරුණි.
 
 අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ පූර්ණ අධීක්ෂණය යටතේ ජපාන ඔලිම්පික් කමිටුව විසින් මැනවින් සංවිධානය කරන ලද මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා රටවල් 206 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගි වූ අතර ඔවුන් ක‍්‍රීඩා 33 ක් යටතේ අද (24* සිට තරඟ වැදීමට නියමිතය. එයට අයත් තරග ඉසව් සංඛ්‍යාව 339 කි. මෙවර ක‍්‍රීඩා උළෙල අගෝස්තු මස 08 වන දින දක්වා ක‍්‍රියාත්මක කෙරේ.

olympics2
 
 ඇමරිකා එක්සත් ජනපදය (621* ජපානය (552* ඕස්ටේ‍්‍රලියාව (476* ජර්මනිය (425* චීනය (406* ඇතුළුව රටවල් 206 ක් යෝජනය කරමින් මෙවර ක‍්‍රීඩා උළෙල සඳහා
 
 සහභාගි වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ප‍්‍රමාණය 11238 දෙනෙකි. එයට අයත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 09 දෙනකු ශ‍්‍රී ලංකාව නියෝජනය කරති.
 
 ශ‍්‍රී ලංකා කණ්ඩායම් ප‍්‍රධානී ගාමිණී ජයසිංහ මහතා ප‍්‍රමුඛ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මව්බිමේ අභිමානය ඔප්නැංවෙන පරිදි ඊයේ (23දා* සමාරම්භක උත්සවයට එක්ව සිටින ආකාරයක් දැක ගන්නට හැකි විය. තම සහෝදර ක‍්‍රීඩක ක්‍්‍රීඩිකාවන් සමග එක්වෙමින් ජූඩෝ ක‍්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධන සහ ජිම්නාස්ටික් ක‍්‍රීඩිකා මිල්කා ගිහානි ද සිල්වා ජාතික ධජය ජපාන ඔලිම්පික් ක‍්‍රීඩාංගණය තුළ ලෙළ වන්නට උර දුන්හ.
 
– අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment