ට‍්‍රක්රථවලට බෝම්බ තබා 150ක් ඝාතනය කළ ත‍්‍රස්තයන් ඇෆ්ගනිස්තානයේ පාලනයට පත්වීම මානව හිමිකම් කොමසාරිස්වරිය නිහඬයි

229

ශී‍්‍ර ලංකා හමුදාව යුද අපරාධ කළ බව පිළිගත හැකියි යැයි පැවසුවේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කි‍්‍රස්ටොප් ගෙනිස්ය. ගෙනිස් පසුගියදා මියගියේය. එහෙදී ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව සාක්කි ඉදිරිපත් කිරීමට ඔහුට නොහැකි විය. චැනල් ෆෝ රූපවාහිනිය තිරගත කළ චිත‍්‍රපටය කිලිං ෆීල්ඞ් යයි ඔහු ජාත්‍යන්තර ප‍්‍රජාව අමතා කියා සිටියේය. කි‍්‍රස්ටොෆ් හෙයින්ස් මිය යනතුරුම ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව සාක්කිකරුවන් ජිනිවා මානව හිමිකම් කොමසාරිස්වරුන් වෙත ඉදිරිපත් කළේ නැත. දැන් ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ ප‍්‍රධානියා මිචෙලි බැෂලේය.

ට‍්‍රක්රථවලට බෝම්බ තබා 150ක් ඝාතනය කළ  ත‍්‍රස්තයන් ඇෆ්ගනිස්තානයේ පාලනයට පත්වීම මානව හිමිකම් කොමසාරිස්වරිය නිහඬයි

ඊට පෙර නවිපිල්ලෙයි, සෙයිද් රාද් හුසෙන්ද සේවය කළේය. කොටින්ට එරෙහි යුද්ධය නිමා වී මානව හිමිකම් කොමසාරිස්වරු සිවුදෙනෙක් පත්වුවත් ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහි චෝදනා මිස යුද අපරාධ සාක්ෂි ඉදිරිපත් කිරීමට මානව හිමිකම් කොමසාරිස්වරු අසමත් වූයේ ඇයි.

 මේ පසුබිම මැද 48 වැනි මානව හිමිකම් සමුළුව සැප්තැම්බර් 13දා ආරම්භ වේ. එවැනි විටෙක යුද අපරාධකරුවන් ආණ්ඩුවක් පිහිටුවා ඇත. ඒ තාලෙයිබාන් ත‍්‍රස්තයන්ය. මෙම තාලේබාන් ත‍්‍රස්ත ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ 10ක පාලක මණ්ඩලයෙන් අටක් බිහිසණු ත‍්‍රස්තයන්ය. ඇෆ්ගනිස්තානයේ නව අභ්‍යන්තර කටයුතු ඇමැති හක්කානි බෝම්බ පිපිරවූ ත‍්‍රස්ත නායකයෙකි. කාබුල් නගරයේ ට‍්‍රක් රියක බෝම්බ පිපිරීමක් සිදු කළ හක්කානි නමැත්තා එරට අභ්‍යන්තර කටයුතු ඇමතිවරයාය. කාබුල් නගරයේ ආරක්ෂක ප‍්‍රධානියා ද ත‍්‍රස්ත නායකයෙකි. එහෙත් මානව හිමිකම් ගැන හඬනඟන කිසිදු රටක් ඒ ගැන හඬ නඟන්නේ නැත. ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණේ නායක ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පෙරේදා බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් පහකින් ඉල්ලීමක් කරමින් ශී‍්‍ර ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව දිගටම ගෙනියන ලෙස කීවේය. මේ අතර යුද අපරාධ සිදුකළ තාලේබාන් ත‍්‍රස්තයන්ට එරෙහිව මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා හිටපු මානව හිමිකම් කොමසාරිස්වරු සහ ඇෆ්ගනිස්තානයේ තාලිබාන් විරෝධී පෙරමුණේ ප‍්‍රකාශක දයිෂ්ටන් තාලිබාන් ත‍්‍රස්තයන් සමග ඇති වූ සටනකදී මරුමුවට පත්වී ඇත. ඔහු මාධ්‍යවේදියෙකි.

 මාධ්‍යවේදී ප‍්‍රධානියා වූ දෂර් ජවානි ඉස්ලාම් සංවිධානයේ ප‍්‍රධානතම කි‍්‍රයාකාරියෙකි. ත්වූයේ කාබුල් සිට කිලෝමීටර් 90ක් දුරින් පිහිටි පන්ජ්ෂීර් තැන්නේදී බව වාර්තා වේ. තාලිබාන් විරෝධී සංවිධානයේ නායක අහමද් මසුද්ගේ දෙවැනියා ලෙස හඳුන්වන දෂිර්ගේ මරණය අහ්මද් මසුද ලත්් බරපතළ පරාජයක් ලෙස සැලකේ. මේ අතර අහ්මද් මෂුද්ගේ කණ්ඩායම සහ තාලිබාන් ත‍්‍රස්තයන් අතර දරුණු සටන් ඇවිලී ඇත. පන්ජ්ෂීර් තැන්න තම පාලනය යටතේ පවතින බව වාර්තා වුවත් නිල වශයෙන් ඒ බව හෙළි වී නැත.

 දෂිර්ගේ මරණයට එරෙහිව ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන ද නිහ`ඩව සිටී. එහෙත් ශී‍්‍ර ලංකාවේ මෙවැන්නක් සිදුවූවා නම් රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීහු පෙත්සම් පිට පෙත්සම් යවමින් බටහිර රටවලවලින් පරීක්ෂණ ඉල්ලා සිටිති. මෙවැනි පසුබිමක් මැද ඇෆ්ගනිස්තානයේ ලක්ෂ ගණනක් අතුරුදන් වී ඇත. එහෙත් අතුරුදන් වූවන්ගේ කාර්යාලයක් හෝ කොමසාරිස්වරු පත් කිරීමක් සිදු වී නැත. ඇෆ්ගන් ආරංචි මාර්ග පැවසුවේ දෙලක්ෂයකට අධික ජනතාවක් අතුරුදන් වී ඇති බවයි. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරුන් ද අද වනතුරු වචනයක්වත් දෂර්ගේ මරණය ගැන ප‍්‍රකාශයක් කර නැත. මෙයට හේතුවී ඇත්තේ කට ඇරියොත් මරණය නිසාය. තාලෙයිබාන් අපරාධකරුවන්ට එරෙහිව මෙරට වෙබ් අඩවිකරුවෝ ද බියෙන් තැති ගෙන ඇත. මෙය අතිශයින්ම කනගාටුදායක තත්ත්වයකි. ගැබිනි පොලිස් නිලධාරිනියක් පවා මෑතදී ඝාතනය විය. මේ අතර ෂරියා නීතිය ඇෆ්ගනිස්තානයේ පනවා ඇත. ඒ අනුව කාන්තාවන් ගල්ගසා මැරිය හැකිය. මේ තත්ත්වය මත තලේබාන් සංවිධානය සතු ඩොලර් බිලියන පහක අතිවිශාල මුදලක් ඇමරිකාව රාජසන්තක කර ඇතත් ජනපති ජෝ බයිඩන්ගේ කි‍්‍රයාකලාපය නිසා එම මුදල් ද ත‍්‍රස්තවාදීන්ට ආපසු ලැබීමට ඉඩ තිබේ. තාලේයිබාන් ත‍්‍රස්තයන් දැනටමත් පවසා ඇත්තේ ඔවුන් මානව හිමිකම් සමුළුව පිළිගන්නේ නැති බවයි. එසේ නම් මානව හිමිකම් සමුළුවක් කුමකටද? සැප්තැම්බර් 18 ආරම්භ වන 48 වැනි මානව හිමිකම් සමුළුවට පෙර ශී‍්‍ර ලංකාවේ උතුරු නැගෙනහිර පැහැරගැනීම් සහ වධහිංසා සිදුවන බවට වාර්තාවක් හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා විසින් මානව හිමිකම් සමුළුවට යවා ඇත. මෙය සාවද්‍ය වාර්තාවකි. කිසිදු පොලිස් පැමිණිල්ලක් නැතිව මෙවන් වාර්තා යැවීමේ අරමුණ රජය අපහසුතාවට පත් කිරීම බව සනාථ වේ. මෙලෙස පැහැරගැනීමට ලක්වූවන් හෝ වධහිංසාවලට ලක්වූවන් පවා කවුදැයි එම වාර්තාවේ දක්වා නැත. පසුගිය මාස 12 තුළ මෙවන් සාවද්‍ය වාර්තා 165ක් සුකා විසින් ජිනිවා යවා ඇත. මින් මානව හිමිකම් ගැන හ`ඩ නඟන්නේ ශී‍්‍ර ලංකාවට එරෙහිව පමණක් බව සනාථ වේ. එහෙත් ඇෆ්ගනිස්තානය තුළ අද සිදුවන්නේ කුමක්ද. මිනිමරු ත‍්‍රස්තයන් අද ඇෆ්ගනිස්තානයේ පාලකයන් වේ. බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් රැුසක් ඒ ගැන නිහඬ වී සිටී. සම්බාධක ගැන හ`ඩක්ද නැත. ජිනිවා යෝජනාවක් පවා ඉදිරිපත් වී නැත. මෙය මානව හිමිකම් ගැන වූ දෙබිඩි පිළිවෙතකි. ඇෆ්ගනිස්තාන් ආරංචි මාර්ගවලට අනුව නව ඇෆ්ගන් රජයේ සියයට 99ක්ම අපරාධකරුවන් සහ ත‍්‍රස්තවාදීන් වේ. එහෙත් මානව හිමිකම් සමුළුව නිහඬය. මේ අතර අලූත්ම තොරතුරුවලින් හෙළිවන්නේ මාධ්‍යවේදීන් රැුසක් අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවන බවයි.

 කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment