ඩයනාගෙන්ම අහන්න එයා හරියට ම කියයි – ඇමැති හරින් හේෂාට කියයි

192

සංචාරක කටයුතු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියගේ නව සංචාරක ව්‍යාපෘතිය ගැන ඇයගෙන්ම අහගන්නැයි සංචාරක කැබිනට් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

එහිදී ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශ කළ ‘සබඳ අපි කුදු නොවෙමු’ යන ප්‍රකාශය ද සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

හේෂා විතානගේ මහතා- මේ දවස්වල ඔබතුමාගේ රාජ්‍ය ඇමැතිනිය විශාල ප්‍රචාරයක් මාධ්‍ය මගින් ලබාදෙමින් අලුත් ව්‍යාපෘතියක් ප්‍රමෝට් කරනවා. ඒක සදාචාරාත්මක ද නැද්ද කියන ප්‍රශ්නය තිබෙනවා.

ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා- එතුමියගේ ප්‍රකාශය ගැන එතුමියගෙන් අහන්න ඕනා. ලංකාවේ මිනිස්සු සමහර දේවල්වලට මඩ ගහන්න උත්සාහ කරනවා. ඔබතුමාලගේත් ඔය ගෲප්වල අපිට අලුත් විදිහට මඩ ගහලා තිබෙනවා. සබඳ කුදු වෙනවාද, සබඳ කඳු වෙනවාද, සබඳ කුඩු ගහනවාද කියන එකත් ගැන කතා කරලා තිබෙනවා. සමහර පක්ෂවලින් ගහන මඩ කැතයි. ඩයනා ඇමැතිතුමියගෙන් ඒ ගැන අහන්න. එතුමිය හරියට කියයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment