ඩයනාගේ ජීවිතයේ අඳුරු දින තුනක්

603

Spencer සිනමාපටය අද 78 වැනි වැනිස් සිනමා උළෙලේදී තිරගත වීමට නියමිතය. මෙය අනිද්දා එනම් 05 වැනිදා ඇමෙරිකාවේ ප‍්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය. ස්පෙන්සර් චිත‍්‍රපටයෙන් කියැවෙන කතාව කුමක්ද? මේ නිර්මාණය නැරඹීමට ලොව පුරා කෝටි සංඛ්‍යාත සිනමා ලෝලීන් පිරිසක් බලා ඉන්නේ කවර හේතුව නිසාද? මෙයින් කියවෙන්නේ ඩයනා කුමරියගේ ජීවිතයේ එක් දුක්බර කතාවකි.

ඩයනාගේ ජීවිතයේ අඳුරු දින තුනක්

ඩයනා හා චාල්ස්ගේ විවාහය බිඳවැටීමේ කාල පරිච්ෙඡ්දය පුරා පසුබිම්ව නිර්මාණය වූවකි. ඩයනාගේ ජීවිතයේ දින තුනක් අලලා ස්පෙන්සර් නිර්මාණය වී ඇති බව බි‍්‍රතාන්‍ය ගාර්ඩියන් පුවත්පත කියයි. 1991 නත්තල් නිවාඩුව ගිය විට තමා සිය සැමියාගෙන් දික්කසාද විය යුතු බවට ඩයනා කුමරිය තීරණයක් ගනී. මෙයින් කියැවෙන්නේ ඒ පසුබිමය. ඇත්තෙන්ම ඩයනා කුමරිය මරණයට පත්වී වසර 24 ක් ගෙවී ඇතත් ඇය ගැන තවම ලෝකයා කතා කරයි. නිතර පුවත් මැවෙයි. එසේම විවිධ පොත් හා නිර්මාණ පළවේ. පසුගිය 31 වැනිදා පැවති ඇගේ 24 වැනි සැමරුම විලියම් කුමරු හා පවුලේ උදවිය එක්ව සිදුකරන ලද අතර එය මහජන සහභාගිත්වයෙන් තොරව සිදු කරන ලදී. 36 හැවිරිදි ඩයනා කුමරිය 1997 අගෝස්තු 31 වැනිදා පැරීසියේදී මරණයට පත්විය. පොදුජනයාගේ කුමරිය ලෙස විරුදාවලිය ලැබූ ඩයනා අවසන් ගමන් ගියේ තම පෙම්වතා වූ ඩොඞී අල්ෆයිඞ් සමගය.

ඩයනාගේ ජීවිතයේ අඳුරු දින තුනක්

ස්පෙන්සර් චිත‍්‍රපටයේ ඩයනාගේ චරිතයට පනපොවන්නේ කි‍්‍රස්ටීන් ස්ටුවට් විසිනි. ඩයනා චරිතය පාදක කරගෙන ස්පෙන්සර් චිත‍්‍රපටය නිර්මාණය වන බව ප‍්‍රකාශ වූයේ 2020 දී වන අතර එහි රූගත කිරීම් 2021 ජනවාරියේදී ආරම්භ කෙරිණි. බි‍්‍රතාන්‍ය රාජකීයයන් පිළිබඳව විශ්ලේෂණය කරන ලේඛකයන් පවසන්නේ ස්පෙන්සර් චිත‍්‍රපටය පිළිබඳව මියගිය ඩයනාත් සතුටුවනු ඇති බවය. මන්ද වසර 24 කට පසුවත් ඇගේ මතකයන් යළි යළිත් හාරා අවුස්සන නිසාය.

ඩයනාගේ ජීවිතයේ අඳුරු දින තුනක්
ඩයනාගේ ජීවිතයේ අඳුරු දින තුනක්

කෙසේ නමුත් එක් නවසීලන්ත පුවත්පතක් වාර්තා කර තිබුණේ මේ චිත‍්‍රපටය නිකුත්වීම කේට් මිඞ්ල්ටන්ට අමිහිරි විය හැකි බවයි. 39 හැවිරිදි කේට් මේ චිත‍්‍රපටය වඩා හොඳින් නැරඹිය යුතු බවද එම පුවත්පතේ ලේඛකයා සටහන් කර තිබිණි. ඇත්තෙන්ම ඩයනා කුමරිය තරම් ඇගේ ලේලිය ජනපි‍්‍රය නැත. එය වෙනම කතාවකි. විලියම් හා කේට් විවාහ වූයේ 2011 වසරේය. විනාඩි 111 ක් පුරා තිරගත වන මෙම චිත‍්‍රපටය බි‍්‍රතාන්‍ය ඇමරිකාව, ජර්මනිය, චිලී යන රාජ්‍යන්හි රූගත කිරීම් සිදුකර ඇත. ස්ටීවන් හයිට් විසින් මෙහි තිර රචනය සිදුකර තිබෙන අතර අධ්‍යක්‍ෂණය කර ඇත්තේ පැබ්ලෝ ලැරේන් විසිනි.

ඩයනාගේ ජීවිතයේ අඳුරු දින තුනක්

ඩයනාගේ චරිතය රඟපාන කි‍්‍රස්ටීන් 31 හැවිරිදි ඇමරිකානු නිළියකි. 35 හැවිරිදි ජැක් ෆානින්ග් චාල්ස් කුමරුගේ චරිතයට පණ පොවයි. ඇත්තෙන්ම කි‍්‍රස්ටීන් ඩයනාගේ චරිතයට සාධාරණය ඉටුකර ඇත්ද නැද්ද යන්න ඉදිරියට දැකගත හැකිය. බි‍්‍රතාන්‍ය ඇමරිකානු රසිකයෝ ඉමහත් උනන්දුවෙන් මේ නිර්මාණය තිරගත වන දිනය තෙක් ඇඟිලි ගනිමින් උන්හ.

සිරිමල් කළුවරගෙදර

ඩයනාගේ ජීවිතයේ අඳුරු දින තුනක්
advertistmentadvertistment
advertistmentadvertistment