ඩයනාගේ පුරවැසි වාර්තා බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් කැඳවීමට නියෝග

244

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ වාර්තා බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් කැඳවීමට වහාම පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා ඊයේ (05 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයක් නොමැති බ්‍රිතාන්‍ය පුරවැසියකු බවත් ඇගේ උප්පැන්න සහතිකය ජාතික හැඳුනුම්පත පමණක් නොව විදේශ ගමන් බලපත්‍රය ද ව්‍යාජ ඒවා බවත් පවසමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඔසල ලක්මාල් හේරත් මහතා කර තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් වූ නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

බ්‍රි‍තාන්‍ය තානාපති කාර්යාලයෙන් අදාළ වාර්තාව ලැබීමෙන් පසුව එම නඩුව සම්බන්ධයෙන් සුදුසු නියෝග නිකුත්කිරීමට අධිකරණයට පහසු වන බවත් විවෘත අධිකරණයේදී සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා එතෙක් අදාළ රාජ්‍ය ඇමැතිනිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග නිකුත් කිරීම සුදුසු නොවන බවත් සඳහන් කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment