ඩයනාගේ පෙත්සමට විරෝධතා ගොනු කරන්න සජිත්ට – මද්දුම බණ්ඩාරට දින දෙයි

64

සමගි ජන බලවේගය පක්‍ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස හා එම පක්‍ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් එම පක්‍ෂයේ තනතුරු දැරීම නීති විරෝධී බවට නිගමනය කරනා ලෙස ඉල්ලා රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය එම විත්තිකරුවන්ට අවසන් වශයෙන් ඊයේ (31 දා) දින ලබාදුන්නේය.

මේ අනුව එකී විරෝධතා ලබන මැයි 22 වැනිදා ගොනුකරන ලෙසට නියෝග කෙරණි.

එම පක්‍ෂයේ ආරම්භ කරනු ලැබුවේ තමන් ඇතුළු කිහිපදෙනෙකුගේ මෙහෙයවීමෙන් බවත් පසුව එයට සම්බන්ධවූ පෙරකී විත්තිකරුවන් එම පක්‍ෂය ග්‍රහණයට ගෙන එහි තනතුරුවලට පත්වීම සදාචාර නොවනා කරුණක් සේම නීති විරෝධී කරුණක් බවත් රාජ්‍ය ඇමැතිනිය එමඟින් අධිකරණයට කියා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment