ඩයනාගේ පෙත්සම විභාගයට

267


සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.

එම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබීය.

ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 13 වැනිදා ට පෙර ගොනුකරන ලෙස එහි වගඋත්තරකරුවන්ට අධිකරණය නියෝග කළේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මැතිවරණ කොමිසමේ සභාපති නිහාල් ජී පුංචිහේවා සහා එම කොමිසමේ සාමාජිකයන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු එකොළොස් දෙනකු නම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment