ඩයනාගේ මන්ත්‍රී පෙත්සම යළි කැඳවීම මාර්තු 02 දා

136

සිය පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සහ එකී තීරණය අනුව සිය මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට පියවර ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනු කර තිබූ පෙත්සම ලබන මාර්තු 02 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03දා) නියෝග කළේය.එම පෙත්සම ගාමිණී අමරසේකර, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.
එවකට පැවති රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීම ඇතුළු චෝදනා සහිතව තමන්ට ඉදිරිපත් කළ චෝදනා පත්‍රය හා විමර්ශන කළ පක්‍ෂ විනය කමිටුවේ නිර්දේශ බල රහිත කරන ලෙස ද ඉල්ලා ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ කීර්ති තිලකරත්න මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් හා පෙත්සම්කාරිය වෙනුවෙන් බුද්ධීන් සිරිවර්ධන මහතා පෙනී සිටියේය. සමගි ජනබලවේගය පක්‍ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, එම පක්‍ෂයේ සභාපති, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු 11 දෙනකු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment