ඩයනා ගැන තීන්දුව ජූලි 25දා

110

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට නිගමනය කරන නියෝගයක් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ලබන මස 25 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (06 දා) තීරණය කළේය.

ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියකු වන බැවින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුරයක් දැරීමට නුසුදුසු අයකු බව පෙන්වා දෙමින් සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල ලක්මාල් හේරත් මහතා විසින් ගොනුකර තිබූ එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මර්ක්කාර් යන මහත්වරුන් හමුවේදී කැඳවිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment