ඩයනා වෙනුවෙන් සජිත් යවපු ලියුම

1708

ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස පත්කිරීමට අදාළව සමඟි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවටත් මැතිවරණ කොමිසමටත් යොමුකරන ලද ලිපිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පාර්ලිමේන්තුවේ සභා ගත කර තිබේ.ඒ අනුව අදාළ ලිපියේ සඳහන් වන ආකාරයට ”පාර්ලිමේන්තු මැතිවරණය 2020 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 99 ආ වගන්තිය යටතේ දැන්වීම ඉහත සඳහන් කරුණ සම්බන්ධව ඔබ විසින් මා හට එවනු ලැබූ 2020 08 12 ලිපිය හා බැදේ ඒ අනුව සමගි ජනබලවේගයට ජාතික ලැයිස්තුවෙන් වෙන්ව ඇති මන්ත්‍රී ධූර 07 සඳහා පහත සඳහන් නම් නිර්දේශ කර එවමි. මෙම නම් මා විසින් ඉදිරිපත් කරනු ලැබූ ජාතික ලැයිස්තුවේ නාම යොජනා පත්‍රයේ ත් ඇතුළත් වී ඇති බව වැඩිදුරටත් සඳහන් කරමි. පළමුවෙනි නම රත්නායක මුදියන්සේලාගේ රංජිත් මද්දුම බණ්ඩාර ,ජ්‍යෙෂ්ඨ දේශපාලඥ ජාතික හැදුනුම්පත් අංකය තියෙනවා . දෙවෙනි නම අත්තනායක මුදියන්සේලාගේ කුඩාබණ්ඩා තිස්ස අත්තනායක ,ජ්‍යෙෂ්ඨ දේශපාලඥ ජාතික හැදුනුම්පත් අංකය තියෙනවා. 3 ඉමිතියාස් බකීර් මාකර් නිතිඥ හා සමාජ සේවක, 4 ඉරාන් වික්‍රමරත්න බැංකුකරු හා ආර්ථික විද්‍යාඥ ,5 නාලක ජූඩ් හරීන් ප්‍රනාන්දු ව්‍යාපාරික හා ක්‍රියානාරි දේශපාලඥ, 6 මයන්ත ලක්ෂමන් දිසානායක ව්‍යාපාරික උපාධිධාරි, 7 ඩයනා ගමගේ නීතිවේදී.” ආකාරයට දක්වා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment