ඩයමන් ලීග් ශුරතාවලියේදී යුපුන්ට පස්වැනි තැන

276

ඩයමන් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්වට තරග කළ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එම තරගය පස්වැනියා ලෙසින් නිමාවට පත් කිරීමට සමත්විය. ඒ තත්පර 10.14ක කාලයක් වාර්තා කරමිනි.

ලොව ප්‍රබලතම ක්‍රීඩකයන් තරග වැදුණු එම තරගයේදී තත්පර 9.94ක කාලයකින් එම ඉසව්ව නිමා කළ ඇමරිකාවේ බ්‍රොමෙල් පළමු ස්ථානය දිනා ගැනීමට සමත්විය.

ලෝක මලල ක්‍රීඩා පිටියේ ප්‍රමුඛතම ක්‍රීඩා සැණකෙළියක් වන ඩයමන් ලීග් තරගාවලිය සඳහා යුපුන් සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර පසුගිය තරගාවලියේදීද අවසන් මහා තරග ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගැනීමට යුපුන් සමත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment