ඩයලොග් අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය – මධ්‍යම පළාත් ශූරතාව මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයට

156

කණ්ඩායම් 08 ක සහභාගීත්වයෙන් ඊයේ (27දා) මහනුවර පල්ලෙකැලේ දී ඩයලොග් අනුග‍්‍රහයෙන් පැවති මධ්‍යම පළාත් පාසල් වයස අවුරුදු 20 න් පහළ බාලක සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

ලීග් ක‍්‍රමයට පැවති මූලික වටයේ සිටම සංවිධානාත්මක ක‍්‍රීඩා රටාවක නිරත වූ ත‍්‍රිත්ව විද්‍යාලයීය ක‍්‍රීඩකයෝ මෙවර ශූරතාව දිනා ගැනීම දක්වා පැමිණි ගමනේදී තම අපරාජිත බව තහවුරු කර ගැනීමට සමත්වීම ඉහළ අගයක් ගත්තේය.

මෙවර ශූරතාවය දිනාගත් මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයීය පිල නියෝජනය කළ රවිඳු වික‍්‍රමසිංහ අතිශූරතම ක‍්‍රීඩකයා ලෙස නම් කෙරුණි. එකී අනුශූරතාව මහනුවර කිංග්ස්වුඞ් විදුහල සතුවිය.

මෙවර මධ්‍යම පළාත් පාසල් රග්බි ශූරයින් තීරණය කෙරුණු තීරණාත්මක අවසන් මහා තරගයේ දී මහනුවර කිංග්ස්වුඞ් විදුහල විදුහලට එරෙහිව ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වෙමින් ලකුණු 33 – 07 ක පහසු ජයග‍්‍රහණයක මිහිර අත්විඳින්නට ත‍්‍රිත්ව ක‍්‍රීඩකයින් සමත්වීම එහිදී කැපී පෙනුණි.

ඩයලොග් ආසියාටා සමාගමේ අනුග‍්‍රාහක ශක්තිය ඇතිව ශ‍්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කර තිබුණු අතර එය මහනුවර පල්ලෙකැලේ පිහිටි ත‍්‍රිත්ව විද්‍යාලයීය රග්බී ක‍්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

මහනුවර ධර්මරාජ විදුහල සහ මහනුවර ශ‍්‍රී සුමංගල විදුහල අතර පැවති ‘පළඟ’ අවසාන මහා තරගයේදී ලකුණු 26 – 14 ක ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට ධර්මරාජ විදුහලට හැකි විය. එකී අනුශූරතාවයෙන් සෑහීමට පත් වන්නට ශ‍්‍රී සුමංගල ක‍්‍රීඩකයින්හට සිදු වූහ.

මහනුවර විද්‍යාර්ථ සහ මහනුවර ශාන්ත අන්තෝනි යන දෙවිදුහල් අතර ක‍්‍රියාත්මක කෙරුණු මෙවර ‘බඳුන’ අවසාන තරගයේදී ලකුණු 21 – 12 ක ජයග‍්‍රහණයක් වාර්තා කර ගැනීමට විද්‍යාර්ථ ක‍්‍රීඩකයෝ සමත් වූහ. එකී අනු ශූරතාව ශාන්ත අන්තෝනි විදුහල සතු විය.

කටුගස්තොට ශ‍්‍රී රාහුල විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල අතර තරගයෙන් ලකුණු 26 – 10 ක ජයග‍්‍රහණයක් සටහන් කර ගනිමින් ‘පළිහ’ ශූරතාව කටුගස්තොට ට රැුගෙන යෑමට ශ‍්‍රී රාහුල විද්‍යාලයීය ක‍්‍රීඩකයෝ සමත් වීම කැපී පෙනුණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment