ඩයලොග් ආසිආටා රෝහල් 12ක ඔක්සිජන් අවශ්‍යතා සපුරාලයි

70

වසංගත තත්ත්වය මැඩ පැවැත්වීමේ ජාතික ක‍්‍රියාන්විතය සවිබල ගැන්වීමේ තවත් පියවරක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී. සමාගම විසින් ශ‍්‍රී ලංකාව පුරා රෝහල් 12ක අවශ්‍යතාව සපුරාලීම සඳහා අවශ්‍ය ඔක්සිජන් සාන්ද්‍රක යන්ත‍්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලදී.

 ඔක්සිජන් නිපදවීම හා සිලින්ඩර පිරවීම සඳහා වූ උපාංගයන් ඇතුළත් මෙම ලීටර් 10ක ධාරිතාවයෙන් යුතු ඔක්සිජන් සාන්ද්‍රක යන්ත‍්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලූම පළාත් ආවරණය වන පරිදි තෝරාගත් රෝහල් හා කොවිඞ් -19 ප‍්‍රතිකාර මධ්‍යස්ථාන 12ක බරපතල කොවිඞ් -19 තත්ත්වයන් හා අනෙකුත් ශ්වසන රෝග සඳහා ප‍්‍රතිකාර කිරීම පිණිස බෙදා හරිනු ලබයි. මෙරට ජාතික සෞඛ්‍යාරක්ෂක ප‍්‍රයත්නයන් බලගැන්වීම උදෙසා ඩයලොග් විසින් ඉකුත් සමයේ සිදුකරන ලද මෙවැනි ආකාරයේම වූ ප‍්‍රදානයන් රැසක් අනුව යමින් මෙම පරිත්‍යාගය සිදුවන අතර මෙතෙක් මෙම කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 446ක වැයක් ඩයලොග් විසින් දරා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment