ඩයලොග් එන්ටර්ප්‍රයිස් සමඟ සුවිශේෂී ඔන්ලයින් ඉගෙනුම් වෙනුවෙන් ‘’Zero Worries on Data’ විසඳුම හඳුන්වා දෙයි

84

ඩයලොග් ආසියාටාහි ආයතනික තොරතුරු තාක්ෂණ විසඳුම් අංශය වන ඩයලොග් එන්ටර්ප්‍රයිස් ප්‍රමුඛතම ඩිජිටල් අධ්‍යාපන සේවාවක් වනි’Zero Worries on Data’ :’උධෘ) දියත් කරන බව පසුගියදා නිවේදනය කරන ලදී.

අධ්‍යාපන ආයතනයන් වෙත ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස මෙම සේවාව හඳුන්වාදීමට ඩයලොග් එන්ටර්ප්‍රයිස් කටයුතු කර ඇත. විශේෂයෙන් නිවසේ සිට ඉගෙනීමේ ක්‍රමවේදය ජනප්‍රිය වීමත් සමඟ බොහෝ අධ්‍යාපන ආයතන අන්තර්ජාලය හරහා සිය සේවාවන් ලබා දීමට කටයුතු කරන ලදී. දිනෙන් දින ඉහළ යමින් පවතින ශිෂ්‍ය ප්‍රජාවකගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලන මෙරට ප්‍රමුඛ පෙළේ විශාල හා මධ්‍ය පරිමාණ අධ්‍යාපන ආයතන සඳහා ඩයලොග් එන්ටර්ප්‍රයිස්හි මෙම නවතම සේවාව කදිම විසඳුමක් වනු නිසැකය.

ප්‍රතිලාභයන් රැසක් උරුම කරදෙන මෙම නවතම ඉගෙනුම් විසඳුමෙහි සුවිශේෂී ප්‍රතිලාභයක් වන්නේ සැලකිය යුතු ලෙස වියදම් ඉතිරි කිරීමයි. ඒ හේතුවෙන් Data සීමා රහිතව තමන්ගේ ඔන්ලයින් ඉගෙනුම් කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට ගුරුවරුන්ට හැකියාව උදා වේ. එසේම අධ්‍යාපන ආයතනයන්වලට එහි ඉගෙනුම් කළමනාකරණ පද්ධති, වෙබ් අඩවි හා අනෙකුත් ඉගෙනුම් තොරතුරු හරහා කිසිඳු අමතර ගාස්තුවකින් තොරව සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද පහසු හා සමාන ප්‍රවේශයක් ලබා දීමට ඉඩ සැලසීමද මෙහි විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩයලොග් ආසියාටා පීඑල්සී, ඩයලොග් එන්ටර්ප්‍රයිස්හි සමූහ ප්‍රධාන නිලධාරී නවින් පීරිස් මහතා සඳහන් කර සිටියේ “ මේ වන විට දැඩි බලපෑමකට ලක්ව ඇති මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය Covid -19 වසංගතයෙන් පසු සිදුවීම් හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. වැඩි දියුණු කළ සේවාවක් හරහා බාධාවකින් තොරව ඩිජිටල් ගුරු -සිසු සබඳතාවක් ලබා දීමට හැකි මෙම නවතම අද්විතීය ඉගෙනුම් විසඳුම අධ්‍යාපන ආයතනයන් වෙත ලබා දීමට හැකිවීම පිළිබඳ ඉතාමත් සතුටුයි” යනුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment