ඩයලොග් ජාතික පැරාලිම්පික් සමගින් තවදුරටත් ඉදිරියට…

65

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මෙරට පැරා ක‍්‍රීඩා සඳහා ලබාදුන් අනුග‍්‍රාහකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින් දශක දෙකකට අධික කාලයක සිට ජාතික පැරාලිම්පික් කමිටුව සමග පැවති සහයෝගීතාවය තවත් වසර 2 කින් දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.

 ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ජාතික පැරාලිම්පික් කමිටුවට පළමුවරට අනුග‍්‍රහය දැක්වීමට කටයුතු කර ඇත්තේ 2000 වසරේ සිට වන අතර,

 පසුගිය වසර 22 පුරාවට යුද හමුදා පැරා ක‍්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක‍්‍රීඩා තරගාවලිය සහ ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන මෙරට පැරා ක‍්‍රීඩකයන් බලගැන්වීමට නිබඳවම කටයුතු කර ඇත.

 ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප‍්‍රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර මහත්මිය විසින් ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති ලූතිනන් කර්නල් දීපාල් හේරත් මහතා වෙත නිල වශයෙන් අනුග‍්‍රාහකත්වය පිරිනැමූ අවස්ථාව. ජාතික පැරාලිම්පික් කමිටුවේ භාණ්ඩාගාරික දිලිනි වාරියපොළ මහත්මිය, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී සන්නාම හා මාධ්‍ය හර්ෂ සමරනායක මහතා, ජාතික පැරාලිම්පික් කමිටුවේ ලේකම් බි‍්‍රගේඩියර් බන්දුල බණ්ඩාර මහතා සහ එම කමිටුවේ උප සභාපති ප‍්‍රියන්ත පීරිස් මහතා ද ඡායාරූපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment