ඩයලොග් පාරිභෝගිකයන් Star Points හරහා රු.මි 27 කට වැඩි පරිත්‍යාගයක් 2022 දී ‘Little Hearts’

22

ඩයලොග් පාරිභෝගිකයින් 450,000 කට අධික ප්‍රමාණයක්, ශ්‍රී ලංකාවේ වෙසෙන හදවත් රෝග ඇතුළු රෝගී තත්වයන්ගෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් සැකසු, Little Hearts ව්‍යාපෘතිය සඳහා රු.මිලියන 27 කට අධික Star Points පරිත්‍යාග කර තිබේ.

සිට මේ දක්වා Little Hearts වෙනුවෙන් පරිත්‍යාග කර ඇති Star Points ප්‍රමාණය රු.මිලියන 122 ඉක්මවයි. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙහෙයවනු ලබන‘Little Hearts’ ව්‍යාපෘතිය තුළින් හදවත් රෝග ඇතුළු දරුණු රෝගී තත්වයන්ගෙන් පෙළෙන දරුවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ, මහල් 12 කින් සමන්විත හෘද සහ දැඩි සත්කාර ඒකකයක් සංවර්ධනය වෙනුවෙන් මෙම පරිත්‍යාගය යෙදවෙන අතර මෙම ගොඩනැගිල්ල හෘද සැත්කම් ශල්‍යාගාර 4 ක්, කැතීටකරණ විද්‍යාගාරයක්, 100 කට අධික හෘද රෝග සහ නව දරු උපත් දැඩිසත්කාර ඒකක, ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයක් සහ නවීනතම හෘද රෝග පරීක්ෂණ හා පුහුණු පහසුකම්වලින් සමන්විත වේ. මෙහි ඉදිකිරීම් සඳහා රු. බිලියන 4 කට අධික පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

‘ඡායාරූපයේ වමේ සිට දකුණට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ Loyalty වැඩසටහන සහ පාලන අංශයේ කළමනාකාරිණී අමා වීරසිංහ මහත්මිය, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට අනුබද්ධ හි සේවා කළමනාකාර කසුන් හේරත් මහතා, ආසිආටා පීඑල්සී හි සමූහ Loyalty වැඩසටහනේ සේවා සංවර්ධන ප්‍රධානී රොෂාන්ත් ගාර්දිආරච්චි මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ Loyalty වැඩසටහනේ සම්බන්ධ ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී – අයෝමාල් ගුණසේකර මහතා, Little Hearts ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා, ප්‍රයිවට් ලිමිටඩ් හි උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා,මනුසත් දෙරණ ව්‍යාපෘතියේ සභාපති මහේෂ් ජයවර්ධන මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි Star Rewards වැඩසටහනේ සේවා කළමනාකාරිණී රොමානා සලීම් මෙනවිය.

advertistmentadvertistment
advertistmentadvertistment