ඩයලොග් පාසල් රග්බි ලීග් 2024 තරගාවලියට කණ්ඩායම් 84ක්

62

ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම, අනුග්‍රහය දක්වන 2024 පාසල් රග්බී ලීග් තරගාවලියේ කාණ්ඩ තුනට අදාළව කණ්ඩායම් 84ක වාර්තාගත සහභාගිත්වයෙන් මෙවර පැවැත්වේ.

මෙම තරගාවලිය ජුනි 14 වැනිදා ආරම්භ වීමට නියමිතය.

රග්බි ලීග් 2024 තරගාවලියේ පළමු කාණ්ඩයේ ඒ කොටසේ තරගාවලිය සඳහා කණ්ඩායම් 16ක් සහභාගි වන අතර වත්මන් ශූර ශාන්ත පීතර විද්‍යාලය සහ පෙර වසරේ අනුශූර රාජකීය විද්‍යාලය සමගින් ඉසිපතන විද්‍යාලය, ජෝසප් විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, ශාන්ත අන්තෝනි විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, කිංස්වුඩ් විද්‍යාලය, ඩී. එස්. සේනානායක විද්‍යාලය මෙන්ම ඉකුත් වර පළමු කාණ්ඩයේ ‘බී’ කොටසේ තරගාවලියේ සිට උසස්වීම් ලද තර්ස්ටන් විදුහල සහ මහනුවර සුමංගල විද්‍යාලය එයට ඇතුළත් වේ.

තවත් පාසල් 26ක් පළමු කාණ්ඩයේ ‘බී’ සහ ‘සී’ කොටස්වලින් තරග වදින අතර දෙවැනි කාණ්ඩයේ තරගාවලියේ කණ්ඩායම් 12 ක් සහ තුන්වැනි කාණ්ඩයේ තරගාවලියේ කණ්ඩායම් 30ක් බැගින් කාණ්ඩායම් 42 ක් තරග වදී.

ඩයලොග් පාසල් රග්බි ලීග් 2024 තරගාවලියට කණ්ඩායම් 84ක්

තරගාවලියට අදාළ අනුග්‍රාහක චෙක්පත ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

වමේ සිට දකුණට : ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ ලේකම් මංජුල නිම්මාන, ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ සමස්ත තරගාවලි පිළිබඳ ලේකම් නිරෝධ විජේරාම, ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ සභාපති කමල් ආරියසිංහ, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරි ලසන්ත තෙවරප්පෙරුම, සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ඩයලොග් ආසිආටා පීඑල්සී හි උප සභාපති – සන්නාම හා මාධ්‍ය, හර්ෂ සමරනායක, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි/ ඩයලොග් ටෙලිවිෂන් හි ව්‍යාපාර ප්‍රධානී, පුබුදු අලුත්ගෙදර සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර, අලෙවිකරණ මෙහෙයුම් ප්‍රශාන් කොස්තා යන මහත්වරු ඡායාරූපයේ දැක්වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment