‘ඩයලොග් රිදී රැයක් 2022’ 18 වැනිදා BMICH හිදී

201

‘Dialog රිදී රැයක් 2022’ එළිදැක්වීමේ අවස්ථාවේදී ඩයලොග් ආසිආටා පීඑල්සී හි උප සභාපති සන්නාම හා මාධ්‍ය හර්ෂ සමරනායක මහතා විසින් සිනෙස්ටාර් පදනමේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත සමරු චෙක්පත පිළිගැන්වූ මොහොත. එම අවස්ථාවට සිනෙස්ටාර් පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික – ආචාර්ය කිෂූ ගෝමස්, ප්‍රවීණ රංගවේදී ජීවන් කුමාරතුංග, ප්‍රවීණ රංගන ශිල්පිනි ශ්‍රියානි අමරසේන, රංගන ශිල්පිනි නිලන්ති ඩයස් සහ රංගන ශිල්පි රොෂාන් පිලපිටිය යන මහත්ම මහත්මීහුද එක්විය.

රිදී තිරය බබලන තරු රංගනයෙන් එක්වන මෙරට විනෝදාස්වාද දර්ශන තලයේ විශිෂ්ටතම රැඟුම් ගැයුම් මුසු වූ කීර්තිමත් ප්‍රාසාංගික වැඩසටහනක් වන ඩයලොග් රිදී රැයක් 2022 මෙවර අති උත්කර්ෂවත් ලෙස ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් දෙසැම්බර් 18 වැනිදා ප.ව. 6.30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. රිදී රැයක් ප්‍රසංගය මෙවර සංවිධාන වන්නේ 20 වැනි වරටය. වසර ගණනාවක් පුරාවට මෙරට රසික සම්භාවනාවට පාත්‍රවී තිබෙන මෙම විචිත්‍රවත් ප්‍රසංගය සඳහා 8 වැනි වතාවටත් අනුග්‍රහය දැක්වීමට ඩයලොග් ආසිආටා සමාගම ඉදිරිපත්වී සිටී. 320කට අධික දේශීය සිනමා තාරකාවන්ගේ සුබසිද්ධිය පිණිස කැපවූ සිනෙස්ටාර් අරමුදල ගොඩනැංවීමේ අරමුණින්, සිනෙස්ටාර් පදනම විසින් මෙම ප්‍රසංගය ඉදිරිපත් කරනු ලබයි. ඩයලොග් රිදී රැයක් ප්‍රසංගය මගින් උපයනු ලබන මුදලින් සිනෙස්ටාර් සාමාජිකයන් හට වෛද්‍ය හා ජීවිත රක්ෂණාවරණ පිරිනැමෙන අතර, වියපත් ශිල්පීන් හට මාසික දීමනාවන් ලබාදීමට සිනෙස්ටාර් පදනම කටයුතු කරයි.

‘ඩයලොග් රිදී රැයක් 2022’ 18 වැනිදා BMICH හිදී

සිංහල සිනමාවේ දීර්ඝකාලීන සම්ප්‍රදාය ගෞරවාන්විතව ඉදිරියට රැගෙන යමින් වසර 20 ක් පුරාවට ඉදිරිපත් කරන ඩයලොග් රිදී රැයක් 2022 ප්‍රසංගය සඳහා චන්න උපුලී නර්තන කණ්ඩායම සමඟින් එක්ව විවිධ යුගවල ජනප්‍රිය වූ ගීතයන්ට ආකර්ෂණීය නර්තනාංග රැසක් ඉදිරිපත් කිරීමට වත්මන් රිදී තිරයේ ජනකාන්ත සිනමා තරු රැසක් සැදී පැහැදී සිටිති. මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ජීවන් කුමාරණතුංග, ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියානි අමරසේන, වීණා ජයකොඩි, බන්දු සමරසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, යශෝධා විමලධර්ම, සංගීතා වීරරත්න, චන්න පෙරේරා, අනූෂා දමයන්ති, නිලන්ති ඩයස්, මංජුලා කුමාරි, රොෂාන් පිලපිටිය, සුරාජ් මාපා, පුබුදු චතුරංග, රොෂාන් රණවන, වසන්ත කුමාරවිල, සාරංග දිසාසේකර, චිලී තිලංක, අනුජ් රණසිංහ, ජනිත් වික්‍රමගේ, චතුරිකා පීරිස්, බිමල් ජයකොඩි, දිනක්ෂි ප්‍රියසාද්, සෙනාලි ෆොන්සේකා, උදාරි පෙරේරා, තාරුකා වන්නිආරච්චි, විනූ සිරිවර්ධන, මාෂි සිරිවර්ධන, ඉරේෂා අසංකි, ශනුද්‍රි ප්‍රියසාද්, මිහිර සිරිතිලක, දුෂේනි ද සිල්වා, තරින්දි ප්‍රනාන්දු, ගයන් වික්‍රමතිලක, දිනෙත් ද සිල්වා ඇතුළු බොහෝ පිරිසක් මෙම තරු පොකුරට අයත් වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment