ඩයලෝග් පාසල්  රග්බි ශූරතාවලිය පළමු ජය මරදාන ශාන්ත ජෝශප්ට  

136

දිවයිනේ ප්‍රමුඛතම පාසල් 12 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන “ඩයලොග් අභියෝග ශූරතා” පාසල් වයස අවුරුදු 20 න් පහළ ලීග් රග්බි පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (23දා) සවස කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවති මහනුවර කිංග්ස්වුඩ් විදුහල සහ මරදාන ශාන්ත ජෝශප් විදුහල අතර තරඟයෙන් ලකුණු 34 – 03 ක ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට ශාන්ත ජෝශප් විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

තරඟය ආරම්භ කළ පළමු මිනිත්තුවේ සිටම නිවැරදි රිද්මයට අවතීර්ණ වෙමින් ප්‍රතිවාදී ගෝල් සීමාව ආක්‍රමණය කිරීමට සමත්වීම සාන්ත ජෝශප් ක්‍රීඩකයන් සටහන් කර ගත් ජයග්‍රහණයේ මූලිකම සාධකය බවට පෙනෙන්නට තිබුණි.

තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු 19 – 03 ක් ලෙස පෙරමුණ ගැනීමට ශාන්ත ජෝශප් විදුහලට හැකි විය. පළමු ලකුණු 19 ගෝල් දිනුම් 02 ක් සහ එක් උත්සාහක දිනුමක් ආශ්‍රිතව වාර්තා කර ගැනීමට ශාන්ත ජෝශප් ක්‍රීඩකයන් සමත් වූහ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment