ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවටත් !

146

ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් මෙරට පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

මේ වනවිට රට ගොඩගැනීම වෙනුවෙන් පියවර රැසක් ගනිමින් තිබෙන බවත් ඒ වෙනුවෙන් සියලු පාර්ශවයන්ගේ සහය අවශ්‍ය බවත් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පෙරේදා (16දා) සවස පැවැති ‘විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය 2022’ සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා පැවසීය.

රට ස්ථාවර මට්ටමක තියෙන බවද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ අනුව හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද කීවේය.

මෙම අවස්ථාවට කථානායක මහින්ද යාපා අබේවර්ධන, අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රි ඉරාන් වික්‍රමරත්න, හිටපු ඇමැති ජෝන් අමරතුංග, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සභාපති දුලිත පෙරේරා, ප්‍රධාන ලේකම් උපාලි ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කීර්ති වර්ණකුලසූරිය, චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment