ඩ්‍රෝන කැමරාවක් යවා වික්ටෝරියා වේල්ල අවට රූගත කළ 3ක් අත්අඩංගුවට

150

අධිආරක්ෂිත කලාපයක් වන වික්ටෝරියා වේල්ල දෙසට ඩ්‍රෝන කැමරාවක් යවා එම දර්ශන වීඩියෝ ගතකළ යුවළක් සහ හෝටල් හිමිකරුවකු තෙල්දෙණිය පොලිසිය මගින් පෙරේදා (13දා) අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

කොළඹ ගොතටුව ප‍්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි යුවළක් ඉකුත් 11දා වික්ටෝරියා වේල්ල ආසන්නයේ ඇති හෝටලයක් වෙත පැමිණ ඇති අතර හෝටල් හිමිකරුගේ දැනුවත්වීම මත ඩ්‍රෝන කැමරාව යවා දර්ශන වීඩියෝ ගතකර තිබේ.

ඩ්‍රෝන කැමරාව නැවත හෝටලය දෙසට ගෙන්වා ගැනීමේදී එහි බැටරිය බැස ඇති බැවින් හතරවෙනි යාන්ත‍්‍රික රෙජිමේන්තුවේ හමුදා කඳවුරක වහල මතට කැමරාව වැටී තිබේ. ඩ්‍රෝන කැමරාව එවන ලද පුද්ගලයන් පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී හෝටල් හිමිකරු මෙම වීඩියෝ පටය සංස්කරණය කොට හදමඑමඉැ චැනලය ඔස්සේ ප‍්‍රචාරණය කිරීමට අරමුණු කර සිටි බවට තොරතුරු අනාවරණය වූ බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ. අත්අඩංගුවට පත් තිදෙනා අද (15දා* අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සමන්ති වීරසේකර – සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment