ඩ්‍රෝන ප‍්‍රහාරයකින් ඉරාක අගමැති දිවි ගලවා ගනී

460

ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඞ් නගරයේ අධි ආරක්ෂිත කලාපයේ පිහිටා තිබෙන සිය නිවසට එල්ල වූ ඩ්‍රෝන යානා ප‍්‍රහාරයකින් ඉරාක අගමැති මුස්තාෆා අල් කඩිමි දිවි ගලවාගෙන තිබේ. ඉරාක අගමැතිවරයා ඝාතනය කිරීමේ අරමුණින් පුපුරන ද්‍රව්‍ය සවි කළ ඩ්‍රෝන යානයක්

 අගමැතිවරයාගේ නිවස අයත් අධි ආරක්ෂිත කොල කලාපයේ පිහිටි ගොඩනැගිල්ලට යොමු කර ඇති අතර එම ප‍්‍රහාරයෙන් අගමැතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් 06 දෙනකු තුවාල ලබා තිබේ.

 පසුගියදා පැවති ඉරාක මහ මැතිවරණයේ ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් විරෝධය පාමින් රට තුළ හටගෙන ඇති නොසන්සුන්තාව මධ්‍යයේ එල්ල වූ මෙම ප‍්‍රහාරය ඉරානය හා ඇමරිකාව විසින් හෙළා දැක තිබේ. ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාර ගෙන නොමැත.

 සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment