ඩාන්සිං ස්ටාර් කැපුන දවසේ අපේ බැඳීම තවත් වැඩි වුණා… අනූෂාගේ සැමියා සමග කතාබහක්

417

ආදර සම්බන්ධතා ලොව පුරා එක දිනකදි කොතෙක් නම් ඇතිවෙනවා ඇද්ද. ඒත් ඒවායේ පැවැත්ම කොතෙක් කලකට සීමා වෙනවද? එහෙත් ඒ අතර ගහට පොත්ත මෙන් බද්ධ වුණ සම්බන්ධතාත් නැතිවාම නොවෙයි. අමිල, අනූෂා කියන්නෙත් ඒ වගේ නොබිඳුන සම්බන්ධයක්. අවුරුදු දහහතරක් පුරා බොහෝ දෙනකුට රහසක් වෙමින් පැවතුන ඒ ආදරය පසුගියදා එක වහලක් යට තමන්ගේ ජීවන ගමන ඇරඹුවා.

ඒ උණුසුම අතර අපි අනූෂා දමයන්ති වෙනුවට ඇයගේ ආදරණීය සැමියා අමිල ජයතිලක සමග මේ විදිහට සංවාදයකට එකතු වුණා.

ඉස්සර ඉඳන්ම මම අනූෂාට කැමතියි. නමුත් මම ඇයව දකින්නෙ ටීවී එකෙන්. ඒ කැමැත්ත තමයි අවසානයේ ආදර කතාවකට පෙරළුණේ. මුලදි මට ඇය ගැන ඒ වගේ හැඟීමක් තිබුණෙ නැහැ. රසිකයෙක් විදිහට තමයි ඇය දිහා බැලුවෙ. කාලයත් එක්ක මම ඇයව ඩාන්සිං ස්ටාර් වේදිකාවේ දකිනව. ඉන් පස්සෙ ඇයගෙ නම්බර් එක හොයාගෙන සුබපතන්න සහ ලස්සනට නර්තනය කරනව කියන්න තමයි කෝල් කළේ. එතනදි අනූෂා මගෙත් එක්ක බොහොම හොඳට කතා කරනව. මම ඒ වගේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුණේ නැහැ. මොකද අපි දකිනව සමහර අය එහෙම කතා කරන්නෙ නැහැ. ඒ කතාව අවසානයේ මම කිව්ව ඔයා බොහොම හොඳට කතා කළා. ඒ ගැන මම අගය කරනව කියල. මේ තමයි අපි දෙන්නගෙ හමුවීමේ ආරම්භය.

ඩාන්සිං ස්ටාර් කැපුන දවසේ අපේ බැඳීම තවත් වැඩි වුණා… අනූෂාගේ සැමියා සමග කතාබහක්

එතනින් පස්සෙ මම ඇයට මැසේජ් කළා, කතා කළා, මේ වගේ හොඳ යහළුවන් විදිහට මාස හයක් විතර ඇසුරු කළා.

අනූෂාගෙන් බාධාවක්…

ඩාන්සිං ස්ටාර් වැඩසටහනේදි මට ගොඩක් රසිකයො කතා කරනව. ඒක සාමාන්‍ය දෙයක්. මේ අතර තමයි අමිල කතා කරන්නෙ. ඊට පහුවෙනිද ඉඳන් මට ලස්සන මැසේජ් එනව. බොහෝ දෙනෙක් ආදරෙයි කියද්දි. ආදරේ ගැන අහද්දි අමිලගෙන් මට එන්නෙ, පරිස්සම් වෙන්න, කරන දේ පරිස්සමින් කරන්න, බඩගින්නෙ ඉන්න එපා මේ වගේ දේවල් කරනකොට කන්න බොන්න ඕන, හොඳට වතුර බොන්න වගේ දේවල්. මට ඒවායේ ලොකු වෙනසක් දැණුන. හැබැයි මම රිප්ලයි කරන්න ගියෙත් නැහැ. එයා නවත්තන්නෙත් නැහැ. මේ අමුත්ත නිසාම තමයි මට කතා කරන්න හිත දුන්නෙ.

නමුත් අපි කතාකරන්න පෙළඹෙන්නෙ ඩාන්සිං ස්ටාර් තරගයෙන් එකවර මම ඉවත් වෙනව. එතනදි අමිලට ලොකු පුදුමයක් ඇතිවෙනව. ඔහු මට කතාකරල කියනව, මම බිස්නස් වැඩවගයකට ගිහින් හිටියෙ. කොහොමද ඔයා ඉවත් වෙන්නෙ. ඒක වෙන්න බැරි දෙයක්. මුළු ලංකාවම ඔයාට ආදරේ කරනව. ඔයා තමයි මේ තරගය ජයග්‍රහණය කරන්න ඕනෙ කියල. මං ඒ වෙලාවෙ මේ ගැන පැහැදිළි කරන්න ටික වෙලාවක් අමිල එක්ක කතාකළා. එතන ඉඳන් තමයි අපි දිගින් දිගටම කතාකරන්නෙ.

ඩාන්සිං ස්ටාර් කැපුන දවසේ අපේ බැඳීම තවත් වැඩි වුණා… අනූෂාගේ සැමියා සමග කතාබහක්

නැවතත් ඇය අමිලට කතාකරන්න අවස්ථාව ලබාදෙනව…

මම කලාවට ගොඩක් ආදරේ කරන කෙනෙක්. පොඩිකාලෙ ඉඳන්ම ඒ වගේ. මෙතනින් එහාට අනූෂා ඇයගේ ගමන නවත්වන්න හැදුවත් මම නවත්වන්න දෙන්නෙ නැහැ. මම ආසයි ඇයගෙන් ඒ දේවල් දකින්න. ඒ වගේම නිතරම හොඳ දෙයක් කරන බව මම දන්නව. ඒ නිසා මම තවත් ඇයව ඉදිරියට තල්ලුකළොත් හැරෙන්න කිසිම දවසක” කිසිම දේකට මම අනවශ්‍ය බලපෑමක් කරන්නෙ නැහැ. එහෙම කරන්න හේතුවකුත් නැහැ. මොකද මම අවුරුදු දාහතරක් තිස්සේ අනූෂාව හොඳින්ම දන්නව.

මෙපමණ කාලයක් අපි ආශ්‍රය කරද්දි ඇයගේ පවුලේ අයගෙන් වගේම මගේ පවුලේ අයගෙනුත් කසාදය ඉක්මන් කරන්න කියල බලපෑම් නැති වුණා නෙමෙයි. ඒ වුණත් අපි දෙන්න මේ විදිහට දිගටම ගියා. ඒ අතර මේ කාලෙදි අපි පිළිවෙළක් වෙමු කියන තැන හිටිය. නමුත් ඒ සමහර තැන්වලදි යම් යම් බාධාවීම් සිදු වුණා. ඒ දෙවල්වලින් කල්යද්දි තවත් පහුකරන්න කාලයක් නැති නිසා තමයි එකවරම තීරණයක් අරගෙන පොඩියට වුණත් ලස්සනට වෙඩින් එක ගත්තෙ.

ඩාන්සිං ස්ටාර් කැපුන දවසේ අපේ බැඳීම තවත් වැඩි වුණා… අනූෂාගේ සැමියා සමග කතාබහක්

අමිලට වඩා අනූෂාට කියන්න දේවල් බොහොමයි…

ඇත්තටම අපි විවාහ වෙන්න සූදානම් වුණේ 2010 අවුරුද්දෙ. එතනදි අමිලගෙ තාත්තට වුවමනා වුණා අමිලට තෑගි දෙන්න ගෙයක් හදන්න. අපි දෙන්නට ඒකෙ පදිංචි වෙන්න. ඒ හේතුව නිසා අපිට වෙඩින් එක අවුරුද්දකින් ප්‍රමාද කරන්න සිද්ද වුණා. කොහොම හරි අවුරුද්ද ඇතුළත ගෙදර වැඩ ඉවර කළා. ඉන් පස්සෙ මම ඩාන්සිං වලින් වැඩ පටන්ගත්ත.

ඩාන්සිං ස්ටාර් කැපුන දවසේ අපේ බැඳීම තවත් වැඩි වුණා… අනූෂාගේ සැමියා සමග කතාබහක්

අමිල ව්‍යාපාරිකයෙක් විතරක්ම නෙමෙයි…

මම ඉස්සර ඉඳන්ම බිස්නස් කරන කෙනෙක්. නමුත් උසස් පෙළ පන්තියේ ඉඳන්ම කායවර්ධන පැත්තට යොමු වුණා. මුලින්ම මට ආසාව ඇතිවෙන්නෙ ජිම් එකක් පටන්ගන්න. ඒ ආසාව දැනට අවුරුදු දහඅටකට විතර කලින් මම සම්පූර්ණ කරගන්නව. කන්ස්ට්‍රක්ෂන් කරන ගමන් ජිම් එකත් කරගෙන ගියා. එතනදි මම විනිසුරුවරයෙක්” සහ උපදේශකවරයෙක් හැටියට කායවර්ධන සම්මේලනයට සම්බන්ධ වෙනව. අද වන විට ජාත්‍යන්තර විනිසුරුවරයෙක් හැටියට වැඩකරගෙන යනව. මේ මගේ විනෝදාංශය වුණත් අද වන විට ව්‍යාපාරයක් බවට පත්වෙලා. ලංකාවේ ත්‍රී ෆෝසස්වල බොඩිබිල්ඩර්ස්ල මම හදල තියෙනව. ඒෂියන්” වර්ල්ඩ් යන අය මං ළඟ පුහුණු වෙලා තියෙනව. ලංකාවේ වගේම පිටරටවලත් මගේ ගෝලයො ඉන්නව. මේ ෆීල්ඩ් එකේ මාව නොදන්න කෙනෙක් නැති තරම්. නමුත් ෆේස්බුක් එකේවත් මං මේ වගේ කෙනෙක් කියල සඳහන් කරල නැහැ.

අපි කරන කියන හැමදේම සෝෂල් මීඩියාවල පළකරන්න පුද්ගලිකව මගේ කැමැත්තක් නැහැ. අඩුම තරමින් අපි දෙන්නගෙ ෆොටෝ එකක් දාල ෆේමස් වෙන්නවත් මට වුවමනා වුණේ නැහැ. මම හිතනව එහෙම නොවුණ නිසාම මේ වගේ අවුරුදු ගානක් අපේ ආදරය රැකගෙන එන්න පුළුවන් වුණා කියල.

ඩාන්සිං ස්ටාර් කැපුන දවසේ අපේ බැඳීම තවත් වැඩි වුණා… අනූෂාගේ සැමියා සමග කතාබහක්

අනූෂා මේ අයවත් අමතක කළේ නැහැ…

මේ වෙලාවෙ අපේ විවාහයට උදව් කළ අයවත් අමතක කරන්න බැහැ. ඒ අතර මගේ ඇඳුම් නිර්මාණයෙන් මාව හැඩගැන්වීමෙන් වගේම මුල ඉඳන්ම හොඳ යහළුවෙක් විදිහට මට උදව් කළ චන්දිමාල් ජයසිංහ වගේම ලංකාවේ එතෙක් මෙතෙක් කළ වෙනස්ම ෆ්‍රී ෂූට් එක විශාල වියදමක් දරල සිදු කරපු ඩාර්ක් රූම් දනුක වගේම සෙකන්ඩ් චාන්ස් සුමින්ද අයිය ඇතුළු පිරිසත් මතක් කරන්නම ඕන.

මහේෂ් එදිරිසිංහ
ඡායාරූප අනුග්‍රහය Dark Room

advertistmentadvertistment
advertistmentadvertistment