ඩිංගි යාත‍්‍රාවකින් ගෙනත්: කෝටි 10ක අයිස් සමඟ 4 දෙනෙක් අත්අඩංගුවට

80

තලෙයිමන්නාරමේදී රුපියල් කෝටි 10 කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය පාර්සල් 10 ක් සමග සැකකරුවන් 04 දෙනකු පෙරේදා (14 දා* නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් ‘ඩිංගි’ යාත‍්‍රාවකින් මත්ද්‍රව්‍ය තොගය ප‍්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්‍ෂාවේදී අයිස් කිලෝ 09 යි ග‍්‍රෑම් 90 ක් අඩංගු පාර්සල් 10 ක් සොයාගෙන ඇත. සැකකරුවන් අවුරුදු 28 ත් 37 අතර වයස්වල පසුවන තලෙයිමන්නාරම, ඌරුමලේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

අදාළ සැකකරුවන් අයිස් මත්ද්‍රව්‍ය තොගය ඩිංගි යාත‍්‍රාව සහ අනිකුත් උපකරණ සමග වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලිසියට භාර දීමට නාවික හමුදාව කටයුතු කර ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment