ඩි’කොක් සහ රාහුල් ලක්නව් අවසන් වටයට ගෙන යයි

198

ක්වින්ටන් ඩිකොක් සහ කේ.එල්. රාහුල්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව තියුණු ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් විය. ඒ අනුව අදාළ ජයත් සමගින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්වීම කැපී පෙණුනි.තරගාවලියේ මූලික වටයේ තරග 14ම මේ වනවිට ක්‍රීඩා කර ඇති ලක්නව් කණ්ඩායම ඉන් තරග 9ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටීමට සමත්ව ඇත්තේ ලකුණු 18ක් සමගිනි. ඒ අනුව තරගාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ පළමු කණ්ඩායම් හතර අතර තමාගේ අසුන් ස්ථිර ලෙස වෙන්කර ගැනීමට ලක්නව් කණ්ඩායම සමත්වී සිටී.

 තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කිසිවෙකුත් නොදැවී ලකුණු 210ක් රැස් කිරීමට සමත් විය. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ක්වින්ටන් ඩි කොක් එහිදී පන්දු 70කදී නොදැවී ලකුණු 140ක් රැස් කළේ හයේ පහර 10ක් සහ හතරේ පහර 10ක් එල්ල කරමිනි.කේ.එල්. රාහුල් පන්දු 51කදී නොදැවී ලකුණු 68ක් වාර්තා කළ අතර ඊට හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් අන්තර්ගත විය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 208ක් රැස් කළේය. සුනිල් නරේන් පන්දු 7කදී ලකුණු 21ක් සහ රුන්කු සිං පන්දු 15කදී ලකුණු 40ක් රැස් කළේය. ෂ්‍රියාස් අයියර් පන්දු 29කදී ලකුණු 50ක් රැස් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment