ඩිජිටල් ක‍්‍රමයට ගනුදෙනු කිරීමට ‘ලංකා QR’ සමඟ සම්බන්ධ වන්න… මහ බැංකු අධිපති ඉල්ලයි!

150

ඩිජිටල් ක‍්‍රමයට ගනුදෙනු සිදුකිරීම සඳහා හඳුන්වා දී ඇති ‘ලංකා QR’ (LankaQR) කේතය සමඟ තම ගනුදෙනු කටයුතු වලදී සම්බන්ධ වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පැවැසීය.

ව්‍යාපාර හා ආර්ථික කටයුතුවලදී ඩිජිටල්කරණය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් මේ නව කේත ක‍්‍රමය ඉතා නිවැරදි, ඉතා වේගවත් හා කාර්යක්‍ෂම ක‍්‍රමවේදයක් බවත් මේ ක‍්‍රමවේදයට එකතු වන ලෙස සමාජයේ සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටින බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය. ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ‘ලංකා QR’ කේත ක‍්‍රමය රටට ම ජනගත කිරීම ඊයේ (25) මහ බැංකු

මූලස්ථානයේදී සියලූ බැංකුවල ප‍්‍රධානීන්ගේ  සහභාගීත්වයෙන් සහ ඩිජිටල් තාක්‍ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති නාමල් රාජපක්‍ෂ මහතාගේ  ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි. මෙහිදී කතා කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය. මේ ඩිජිටල් ගනුදෙනු ක‍්‍රමවේදයට අපේ සමාජයේ සියලූ මට්ටම්වලින් සහභාගි විය යුතු බවත් මේ තාක්‍ෂණය හරහා අපගේ ගනුදෙනු ඉතා ඉක්මණින් හා කාර්යක්‍ෂම ලෙස කරගෙන යෑම තුළින් අපේ රට ලෝකයට ඉතාමත් හොඳින් සහ තාක්‍ෂණික වශයෙන් සම්බන්ධ කිරීමට අවස්ථාව ලැබෙන බවත් කබ්රාල් මහතා තවදුරටත් කීවේය. වර්ෂ 2018 දී හඳුන්වාදුන් මේ ලංකා QR කේත ක‍්‍රමය සියලූ බැංකුවල සහභාගීත්වයෙන් රටට ම ජනගත කිරීම සිදුකෙරිණි.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment