ඩිමෙන්ෂියා රෝගීන්ගේ ඉහළ යෑමක්

859

කලාපයේ අනෙකුත් රටවල් සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහණය වේගයෙන් ඉහළ යෑමත් සමග ඇල්ෂයිමර්ස් සහ ඩිමෙන්ෂියා රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන අතර 2050 වන විට මෙරට තුළ ඩිමෙන්ෂියා රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 05ක් වනු ඇති බවට අපේක්ෂා කෙරේ. කොවිඩ් – 19 තත්ත්වය හේතුවෙන්ද ජීවිතයේ පසුකාලීනව ඩිමෙන්ෂියා රෝගය ඇතිවීමේ අවධානමක් ඇති බවද තවදුරටත් පෙන්නුම් කරන බව ලංකා ඇල්ෂයිමර්ස් පදනම පවසයි. ලෝක ඇල්ෂයිමර් මාසය ලෙස සැප්තැම්බර් මාසය ගෝලීයව සැලකෙන අතර

ලෝක ඇල්ෂයිමර්ස් දිනය ලෙස සැප්තැම්බර් මස 22 නම් කර ඇත. ඇල්ෂයිමර්ස් රෝගය සමග ජීවත්වන ජනතාවට සහාය සහ සේවා ලබා දීම ලංකා ඇල්ෂයිමර්ස් පදනම විසින් සිදු කරයි. මෙම මාසය සැමරීම සඳහා ඇල්ෂයිමර්ස් පදනම විසින් ඔන්ලයින් වැඩසටහනක් ලෙස ඇවිදීමේ තරගයක් 2022 සැප්තැම්බර් මස 01 සිට 22 දක්වා සංවිධානය කර ඇති අතර ශාරීරික සහ මානසික ව්‍යායාම හරහා ඩිමෙන්ෂියා සහ ඇල්ෂයිමර්ස් රෝගය ඇතිවීම පරක්කු කිරීමට හෝ වැළැක්වීමට හැකි බව සොයාගෙන ඇත.

ලංකා ඇල්ෂයිමර්ස් පදනම විසින් ඩිමෙන්ෂියා රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, අවදානම අවම කිරීම සඳහා කටයුතු කරන ආකාරය පිළිබඳව වැඩසටහන් පැවැත්වීම, මතකය පිළිබඳව කරනු ලබන පරීක්ෂණ පැවැත්වීම වැනි දේ සිදු කරනු ලබයි. තවද විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන අධාර මුදල් යොදවා කරනු ලබන ස්වේච්ඡා සේවයක් ලෙස ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන ජනතාවට සහාය ලබාදීම සහ ඔවුන්ව රැකබලා ගැනීම සිදු කරනු ලබයි.

ඇල්ෂයිමර්ස් හෝ ඩිමෙන්ෂියාව පිළිබඳව දැන ගැනීමට මෙන්ම එය වළක්වා ගැනීමට කළ හැකි දේ පිළිබඳව කල් තියා සූදානම් වීමට ලංකා ඇල්ෂයිමර්ස් පදනම සමග සම්බන්ධ වන්න. ඇල්ෂයිමර්ස් හෝ ඩිමෙන්ෂියා වයසට යන විට ඇතිවන සාමාන්‍ය තත්ත්වයක් නොවන අතර එය රෝගයකි.  

advertistmentadvertistment
advertistmentadvertistment