ඩිලාන් කැඩුනු පාලමේ වැටේ

548

හාලිඇල හලාබ ප‍්‍රදේශයේ පිහිටි පැරැුණි පාලමක නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඊයේ (17) සවස එහි ගිය හාලිඇල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති හා බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා එම පාලමේ දිරාගිය ලෑල්ලක් කැඞී පාලම මත ඇද වැටී අනතුරට ලක්විය.

හාලිඇල සහ ඌව පරණගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස යාකරමින් උමාඔය හරහා පිහිටි මෙම පාලම හලාබ යකඩ පාලම නමින් හඳුන්වනු ලබයි. මෙම පාලම වර්ෂ 1867 දී පමණ ඉදිකරන ලදුව වර්ෂ 1919 දී යළි පිළිසකර කෙරුණු පාලමක් ලෙස සඳහන්වේ. දිගින් අඩි 300 ක් පමණ වන මෙම පාලම සම්පූර්ණ යකඩ රාමුවලින් යුතුව ඉදිකොට පතුලට සිල්පර ලෑලි යොදා නිමවා ඇත.

මෑත කාලීනවද සුළු පිළිසකර කිරීම් කර ඇතත් මේ වන විට එම ලෑලිද විශාල කොටසක් දිරාපත්ව ඇත. මෙම පාලම මතින් ඇවිද යන අතර එහි දිරාගිය ලෑල්ලක් කැඞී යාමෙන් මන්ත‍්‍රීවරයා පාලම මත ඇද වැටුණු නමුත් ඔහුට තැලීම් සීරීම් හැර බරපතල තුවාල සිදුව නොමැත. හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාමික බුද්ධදාස මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවේ මන්ත‍්‍රීවරයා සමඟ සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment