ඩි කොක් ලක්නව් දෙකට ගෙනෙයි

220

ක්වින්ටන් ඩි කොක් පන්දු 52 කදී ලබාගත් වේගවත් ලකුණු 80 හේතුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලූ 6 ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පෙරේදා (07 දා) හැකි විය.

මෙම ජයග‍්‍රහණයත් සමග 2022 අයි.පී.එල්. ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වීමට ලක්නව් කණ්ඩායමට හැකි වූ අතර දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී ලබාගත් ලකුණු 149 කඩුලූ 6ක් සහ පන්දු 2ක් ඉතිරිව තිබියදී ඉක්මවා යෑමට ලක්නව් කී‍්‍රඩකයෝ සමත් වූහ. දිල්ලි කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතයක් වාර්තා කිරීමට ආරම්භක පිතිකරු පි‍්‍රතිවි ලෝ සමත් වූ අතර මෙම ජයග‍්‍රහණය ලක්නව් කණ්ඩායම එක දිගට ලබාගත් තෙවැනි ජයග‍්‍රහණය වේ.

ලකුණු සාරාංශය

දිල්ලි කැපිටල්ස්:- 149-3 (20) පි‍්‍රතිවි ලෝ 61, රිෂාබ් පාන්ට් 39, සෆ්රාස් ඛාන් 36

පන්දු යැවීම – රවී බිෂෝනි 22-2, කේ. ගව්තම් 23-1

ලක්නව් සුපර් ජයන්ට්ස් 155-4 (19.4) ක්වින්ටන් ඩි කොක් 80, කේ. එල්. රාහුල් 24

පන්දු යැවීම

කුල්දිප් යාදව් 31-2, ලලිත් යාදව් 21-1, ෂර්දුල් තාකුර් 29-1

advertistmentadvertistment
advertistmentadvertistment