ඩීන් එල්ගාර් පිටියට සමු දෙයි

445

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක හා ආරම්භක පිතිකරු ඩීන් එල්ගර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත.

ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියෙන් ජනවාරි 3 වැනිදා ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය බවට පත් වනු ඇත.

36 හැවිරිදි එල්ගර් වසර 12 ක කාලයක් ජාත්‍යන්තර පිටියේ රැඳී සිටි අතර, ඔහු මේ දක්වා ටෙස්ට් තරග 84ක් ක්‍රීඩා කර ලකුණු 5,146 රැස් කර ඇත. ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 37.28 ක් වන අතර ශතක 13 ක් හා අර්ධ ශතක 23 ක් ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට ඇතුළත් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment