ඩීසල් දෙන්න ක්‍රමවේදයක් නැතිනම් සඳුදා සිට පෞද්ගලික බස් දුවන්නේ නෑ – ගැමුණු කියයි

115

පෞද්ගලික බස්රථ සඳහා ඩීසල් ලබා දීමට රජය විධිමත් වැඩපිළිවෙළක් සකස් නොකරන්නේ නම් ලබන සඳුදා (06 දා) සිට බස් ධාවනයෙන් ඉවත්වීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

මේ වනවිට රට තුළ නැවතත් දරුණු ඩීසල් හිඟයක් ඇතිව තිබුණත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය එය පියවීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකසා නැතැයි ඊයේ (02 දා) පැවති මාධ්‍ය හමුවකදී පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා චෝදනා කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

“අද වනවිට රට තුළ ධාවනය වූ බස් රථවලින් හතරෙන් තුනක්ම තියෙන්නේ ඩීසල් පෝලිම්වල. මේ විදිහට බස් ධාවනය කරලා සේවක පඩිනඩි ගෙවන්න බැහැ. පසුගිය කොවිඩ් තත්ත්වය නිසා මාස ගණනාවක් බස් රථවල ලීසිං ගෙවන්න බැරි වුණා.

පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස අපි නිතරම කරුණු කිව්වා. මේ සතිය ඇතුළත ඩීසල් ලබා දෙන්න විධිමත් වැඩපිළිවෙළක් අනිවාර්යයෙන්ම සැකසිය යුතුයි. මේ වනවිට සාමාන්‍ය පෙළ විභාගය අවසන්. අපිට අකැමැත්තෙන් වුවත් බස්රථ ධාවනයෙන් ඉවත් කර ගන්න සිදු වෙනවා.

සුජීව තත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment