ඊයේ දිව්වේ පෞද්ගලික බස් භාගෙට භාගයයි – ගැමුණු කියයි

117

ඩීසල් නැතුව  වතුරෙන් දුවන්නද?

පෞද්ගලික බස් රථ ධාවනය කිරීමට ඉන්ධන හල්වල ඉන්ධන නොමැතිකමින් ඊයේ (15 වැනිදා) ධාවනය වූයේ බස් රථ සියයට 50 ක ප‍්‍රමාණයක් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘‘දිවයින’’ට පැවැසීය.

බස් ගාස්තු සංශෝධනය ප‍්‍රමාණවත් බව පැවසූ ගැමුණු විජේරත්න මහතා මෙසේද කියා සිටියේය.

බස් රථ ඔක්කොම දුවන්න ඞීසල් තියෙන්න එපැයි. බස්වලට ගහන්න ඞීසල් නැතුව වතුරෙන් දුවන්නද? අදත් බස් රථ ඞීසල් ගහන්න පෝලිමේ.

ලංකාවේ තියෙන පෞද්ගලික මගී ප‍්‍රවාහන බස්රථවලින් අද ධාවනය වුණේ බස් රථ නවදාහක් වගේ ප‍්‍රමාණයක්. ඞීසල් ටික හරියට තියෙනවානම් බස් රථ ටික හරියට දුවාගන්න පුළුවන්.

බස් රථ ටික අඩුවුණාම මගීන් අපහසුතාවට පත්වෙනවා. පෞද්ගලික බස් රථවලට ඞීසල් ලබාදෙන්න ප‍්‍රමුඛතාව ලැබෙනවනම් හොඳයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment