ඩීසල් – නැප්තා නොලැබුණොත් ලයිට් කැපිල්ල දික්වෙයි

237

ඉදිරි දින දෙකෙන් පසු විදුලි බලාගාරවලට අවශ්‍ය ඩීසල් හා නැප්තා නොමැතිවී ගියහොත් දෛනික විදුලි කප්පාදුව පැය කිහිපයකින් වැඩිකිරීම හැර විකල්පයක් නැතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ කියා සිටිති.

දැනට රට තුළ ඇත්තේ ඔටෝ ඩීසල් ටොන් 12,516 ක් පමණකැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඉරිදා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන්ව ඇතැයි ඒ අනුව ප්‍රවාහන කටයුතු සඳහා දිනකට මෙටි්‍රක් ටොන් 4000 ගණනේ යැවූ පසු බලාගාරවලට ඩීසල් නොමැති වන බවද ඔවුහු පවසති.

අද (09දා) පෙට්‍රල් හා බොරතෙල් මෙටි්‍රක් ටොන් 40,000 ක් අඩංගු නෞකාවක් පැමිණෙන බව කීවත් ඩීසල් නෞකාවක් ගෙනඑන දිනයක් නැතැයිද ඔවුහු කියා සිටිති.

මේ වනවිට නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ මෙගාවොට් 300 ක් පද්ධතියෙන් ඉවත්ව තිබීම නිසා බලාගාරවලට ඩීසල් හා නැප්තා නොමැති වී ගියහොත් විදුලි අර්බුදය අතිශය දරුණු අතට පත්වීම වළක්වා ගත නොහැකි වනු ඇතැයිද ඉංජිනේරුවෝ කියා සිටිති.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment