ඩීසල් නෑ: රටේම බස් දුවන්නේ දිනකට 3500 යි – ගැමුණු කියයි

85

ඩීසල් හිඟය හේතුවෙන් දිනකට ධාවනය වන පෞද්ගලික බස් රථ ප්‍රමාණය 3500ක් දක්වා අඩුවී ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට ඊයේ (08දා) පැවසීය.

දිවයින පුරා මගී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස් රථ 20,000ක් පමණ ඇතත් ඉන්ධන හිඟය හේතුවෙන් දෛනිකව ධාවනය වන පෞද්ගලික බස් රථ සංඛ්‍යාව මෙලෙස විශාල ලෙස අඩුවී ඇතැයි ද හෙතෙම කීය.

මේ දිනවල බොහෝ පෞද්ගලික බස් රථ වලට ඉන්ධන පෝලිම්වල කල් ගත කිරීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් දෛනික ආදායම හරියාකාරව සොයාගත නොහැකිව බස්රථ හිමිකරුවන් සහ බස්රථ සේවකයන් අසරණවී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

පෞද්ගලික බස් රථ සඳහා දිනකට ඩීසල් මෙටි්‍රක් ටොන් 5000ක් නිකුත් කරන්නේ නම් ලංගමයෙන් ඩීසල් අවශ්‍ය නොවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ලංගමයෙන් පෞද්ගලික බස් රථ වලට ඉන්ධන ලබාදීමේදී එම ලංගම සේවකයන් හා පෞද්ගලික බස් රථ සේවකයන් අතරේ ගැටුම්කාරී තත්ත්වයක් මතුව ඇතැයිද ඒ මහතා කීය

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment