ඩීසල් පෝලිමට හේතු ඇමැති කියයි

420


දැනට දිනකට ඉන්ධන පිරවුම් හල් සඳහා නිකුත් කරන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 1000ත් 1500ත් අතර ප්‍රමාණයක් බව බිදුලි බල හා බලශක්ති ඇමැති කාන්චන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.සාමාන්‍යයෙන් දිනකට මෙට්‍රික් ටොන් 4000ක් පමණ ඩීසල් නිකුත් කළ යුතුයි. එසේ නොකරන්නේ විදුලිය නිපදවීම සඳහා තාප විදුලි බලාගාර සඳහාද ඩීසල් නිකුත් කළ යුතු නිසා. එසේ නොකළ හොත් දැනට දිනකට සිදුකරන පැය 3.30ක විදුලි කප්පාදුව වැඩිකිරීමට සිදුවනවා.එනිසා ඉන්ධන පිරවුම් හල් අසල පෝලිම් පවතින බව පිලිගන්නවා.ඉන්ධන අඛණ්ඩව සැපයීමට රජය පියවර ගන්නාවා. වැඩිපුර රැස්කර ගැනීමෙන් වලකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට ගත් තීරණය වැරදයි.ඉදිරියේදී බොර තෙල් ගෙන්වා පිරිපහදුව යළි විවෘත කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment