ඩීසල් පෝලිම ලොරි සහායකට මරු කැඳවයි

113

දිවුලපිටිය , මරදගහමුල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඩීසල් ලබා ගැනීම සඳහා පෝලිමේ නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ලොරියක් ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ පිටුපස ලොරියේ සහායකයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි .

බඩල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම්.ආනන්ද කුමාරතුංග නමැති හතළිස් එක් හැවිරිදි එක්දරු පියකු මෙසේ මියගොස් තිබේ.

දිවුලපිටිය මීගමුව මාර්ගයේ දිවුලපිටිය පොලිසිය ආසන්නයේදී ඉකුත් 16 වෙනිදා රාත්‍රියේ දී අනතුර සිදුව තිබූ අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ලොරි සහයකයා මියගොස් ඇතැයි දිවුලපිටිය පොලිසිය වැඩිදුරටත් සදහන් කලේය . මරණකරු ගමන්ගත් ලොරි රථයේ රියැදුරු ද තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පොලිසිය කීය .

advertistmentadvertistment
advertistmentadvertistment