ඩීසල් බලාගාරවලට කෝටි 7500 නොගෙව්වොත් හදිසි මිලදී ගැනීම් අර්බුදයක – විදුලි ඉංජිනේරුවෝ කියති

141

පෞද්ගලික තාප (ඩීසල්) බලාගාරවලින් මිලදීගත් විදුලිය වෙනුවෙන් ගෙවීම් පැහැර හැර තිබෙන රුපියල් කෝටි 7500 (බිලියන 75) ක මුදල කඩිනමින් ගෙවීමට අපොහොසත් වුවහොත් හදිසි විදුලි මිලදී ගැනීම් ද අවුල් වී රටේ වත්මන් විදුලි අර්බුදය අතිශය දරුණු විය හැකි බව ලංවීම ඉංජිනේරුවෝ පවසති.

නිසි කලට රටේ විදුලි අවශ්‍යතාව පිරිමසා ගැනීම සඳහා අඩු වියදම් සහිත විදුලි බලාගාර ඉදි නොකිරීම නිසා හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ පෞද්ගලික ඩීසල් (තාප) බලාගාරවලින් මණ්ඩලයට විදුලිය මිලදී ගැනීමට සිදුවී ඇතැයිද ඔව්හු කීහ. මෙලෙස හදිසි මිලදී ගැනීම් යටතේ තාප බලාගාරවලින් විදුලි ඒකකයක් මිලදී ගනු ලබන්නේ ඉහළම මිල ගණන්වලටය. මිලදී ගත්තත් නොගත්තත් අදාළ බලාගාර සඳහා මුදල් ගෙවීමට ද සිදුව ඇත.

මේ වනවිට නොරොච්චෝල ලක්විජය බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍ර තුන (මෙගාවොට් 900) මගින් විදුලිය ජනනය කිරීමට ගල්අඟුරු ඇත්තේ මාසයක කාලයකට පමණි.

ගල්අඟුරු මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා තිබුණත් ඊට සමාගම් ඉදිරිපත් නොවුණහොත් ලබන මාස තුන රට අඳුරට වැටීම නවතාලීමට විකල්ප නැතැයිද ඉංජිනේරුවෝ කියා සිටියහ.

මේනිසා විදුලි ගාස්තුව සියයට හැත්තෑවකින් ඉහළ දමා මුදල් සෙවීමට සිදුවී ඇතැයිද ඔව්හු කීහ.

මීට අමතරව බැංකු ඇතුළු විවිධ පාර්ශ්වවලට ලංවීම රුපියල් කෝටි 75,000 (බිලියන 650) ක් ණයව සිටී.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment