ඩීසල් බවුසරයක් පැහැර ගනී

416


හන්තාන දුරකතන සම්ප්‍රේක්ෂණ කුළුණේ විදුලි උත්පාදක යන්ත්‍රයට අවශ්‍ය ඩීසල් ලීටර් 6500 ක් රැගෙන යමින් තිබූ ඉන්ධන බවුසරයක් පැහැරගෙන ගොස් කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළසංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයන් දෙදෙනෙකු පැයකට ආසන්න කාලයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසිය සමත් විය.
ත්‍රීරෝද රථ දෙකකින් පැමිණි මෙම කප්පම්කරුවන් පිරිස රියදුරු සහ රියදුරු සහායක පහරදී බවුසරය හන්තාන සුළං කපොල්ල ආසන්නයේ පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් ඇත.
එම ඩීසල් බවුසරය සමග කැබ් රථයකින් පැමිණි අදාළ දුරකථන සමාගමේ නිලධාරින් දෙනෙකුට ද මෙම කණ්ඩායම පහරදී එම වාහනයද ඔවුන්ගේ බාරයට ගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. ඊයේ අලු‍යම 2.00 ට පමණ මෙම සිද්ධිය වී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment