ඩීසල් බවුසරයක් හොර පාරේ ගෙනයෑමට අනුබල දීලා: මුතුරාජවෙල තෙල් සේවකයන් 5 කගේ වැඩ තහනම්

189

ඩීසල් ලීටර් 3300 ක් හොර පාරෙන් මීගොඩ ප්‍රදේශයට ගෙනයෑමට අනුබල දුන් මුතුරාජවෙල තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙහි තෙල් සංස්ථා සේවකයන් පස්දෙනකුගේ වැඩ තහනම් කර ඇත.

පසුගිය දිනෙක කටුනායක කර්මාන්ත ශාලාවකට ගොඩබෑම සඳහා මෙම තෙල් බවුසරය පිටත්වී පසුව මීගොඩ ප්‍රදේශයට ගෙන යමින් තිබියදී පොලිසියට ලැබුණු නිර්නාමික ඔත්තුවකට අනුව බවුසරය නවතා ඇත.

එහිදී මෙම බවුසරය සම්බන්ධයෙන් මතුවූ ප්‍රශ්නය පිළිබඳ තෙල් සංස්ථාවෙන් කරුණු විමසීමේදී හෙළි වී ඇත්තේ ඩීසල් බවුසරය හොර පාරේ ගෙන ගොස් තිබෙන බවකි. කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්තය පසුව මේ පිළිබඳ සොයා බලා අභ්‍යන්තර පරික්‍ෂණයක් ආරම්භ කර තිබෙන අතර එම පරික්‍ෂණ කටයුතු අවසන් වනතුරු මෙම සේවකයන් පස්දෙනාගේ වැඩ තහනම් කර ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment