ඩීසල් භූමිතෙල් පාඩුයි… පාඩුයි… – ඩී.වී. චානක පාර්ලිමේන්තුවේදී කියයි

117

මේ වන විට ඩීසල් ලීටරයකින් රුපියල් 12ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 22ක් ලෙස තෙල් සංස්ථාව පාඩු ලබන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී.වී. චානක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09 දා) පැවසීය.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් මේ වන විට ඉහළම මට්ටමක පවතින බව ද ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට ලබන පාඩුව හේතුවෙන් පාරිභෝගිකයන්ට සහනයක් ලබා දිය නොහැකි බව ද හෙතෙම කීය.

කෙසේ වෙතත් ලාභ ලබන්නේ නම් එම වාසිය ජනතාවට ලබා දීමට ක්‍රියා කරන බව ද විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් චානක මහතා පැවසීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment