ඩීසල් මාෆියාවට මරු පහරක් වන  සුළං බලශක්තියට උපරිම සහාය දෙනවා – විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස

143

පුංචි අදහස ලොව දිනවන බලශක්ති ක්ෂේත‍්‍රයේ විප්ලවකාරී වෙනසක් ඇති කරන වැඩපිළිවෙළක් බවට පරිවර්තනය වෙන බවට විශ්වාසය වගේම අධිෂ්ඨානය මා සතුව තිබෙනවා යැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස කියා සිටියේ බලශක්ති ගැටලූවට විසඳුමක් ලෙස සුළං බලයෙන් බලශක්තිය ලබා ගැනීම සඳහා වැලිගම, දෙණිපිටිය පදිංචි කැලූම් වාදසිංහ තරුණයා විසින් නිර්මාණය කරන ලද නව නිර්මාණය දැක බලා එය දිරිගැන්වීමට එම තරුණයාට මුදල් පරිත්‍යාගයක් සිදු කිරීමට වැලිගම දෙණිපිටියේ පිහිටි ඔහුගේ නිවෙසට ගිය අවස්ථාවේය.

එහිදී විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේ ද පැවසීය.

ඩීසල් මාෆියාවට මරු පහරක් වන  සුළං  බලශක්තියට උපරිම සහාය දෙනවා - විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස

මීට දින කිහිපයකට පෙර නිර්මාණ ක්ෂේත‍්‍රයේ දශක කිහිපයක් තුළ දස්කම් විස්කම් දක්වා රටට ගෞරවයක් ගෙනා කැලූම් වාදසිංහ නව නිර්මාණකරු එතුමාගේ

පියා සමග විපක්ෂ නායක කාර්යාලයට පැමිණියා මා හමුවීමට. විශේෂයෙන් සුළඟින් බලශක්තිය උත්පාදනය කරන වැදගත් වැඩපිළිවෙළක් ඔහු ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේදීම මම ඔහුගේ ක‍්‍රියාදාමය සාර්ථක ක‍්‍රියාදාමයක් බවට පරිවර්තනය කරලා විශේෂයෙන් අපේ රටේ තිබෙන බලශක්ති ගැටලූවට පුංචි හෝ යම් විසඳුමක් මෙයින් ලැබේ කියන අධිෂ්ඨානය තුළ ඔහුට උපකාර කරන්නට ආරම්භ කළා. ඒ අනුව ඔහුගේ ඉදිරි වැඩ සාර්ථක කර ගැනීමට සමගි ජන බලවේගයේ සංවර්ධන අරමුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් පරිත්‍යාග කළා ඔහු වෙනුවෙන්. එතනින් නතර නොවී විශේෂයෙන් දෙස් විදෙස් ආයෝජකයන්, විශේෂඥයන් ඔහු සමග සම්බන්ධ කළා. ඔහුගේ

වටිනා සංකල්පය, පුංචි අදහස ලොව දිනවන විප්ලවකාරී බලශක්ති ක්ෂේත‍්‍රයේ වෙනසක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් බවට පරිවර්තනය වෙන බවට විශ්වාසය අධිෂ්ඨානය මා සතුව තිබෙනවා. අපි හැමෝම දන්නවා අපේ රටේ බලශක්ති මාෆියාවක් තිබෙනවා කියා. සුළං බලයෙන් නිපදවන බලශක්තිය අපි හඳුන්වන්නේ පුනර්ජනනීය බලශක්තිය කියලා. නමුත් පුනර්ජනනීය බලශක්තියට විරුද්ධව ඉන්ධන ක්ෂේත‍්‍රය කේන්ද්‍රකරගත් බලශක්ති මාෆියාවක් තියනවා. මම හිතන්නේ ඒ අය නවෝත්පාදන වැඩසටහන් නොසලකා හරිනවා. සුළං රටාව උපයෝගි කරගෙන නිපදවන බලශක්තිය මිලෙන් අඩුයි. රටටත් ලාභයි. ඒ නිසා අද අපි ක‍්‍රියාත්මක කරන වැඩසටහන ඉන්ධන ආශ‍්‍රිත මාෆියාවටත් මරු පහරක්. එහි පුරෝගාමියා හැටියට කටයුතු කරන්න ලැබීම ගැන මම පෞද්ගලිකව සතුටු වෙනවා.

තෙල් මාෆියාව නිසා බර පැටවෙන්නේ රටට හා රටේ ජනතාවට. සුළං බලයෙන් බලශක්තිය නිපදවන කැලූම් වාදසිංහ මහතාගේ වැඩසටහන සර්වප‍්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප‍්‍රාර්ථනා කරනවා. එපමණක් නොවෙයි එය සාර්ථක කරන්නට සමගි ජනබලවේගය

දැනුම, කුසලතාවය, නිපුණතාවය, විද්‍යාව, තොරතුරු, දත්ත, නව තාක්ෂණය දෙනවා.

මෙම අවස්ථාවට වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික‍්‍රම, දකුණු පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන චතුර ගලප්පත්ති, කපිල ගමගේ, රංජිත් මුණසිංහ යන මන්ත‍්‍රීවරු සහ වැලිගම ප‍්‍රාදේශීය සභාවේ සහ නගර සභාවේ මන්ත‍්‍රීවරු ද එක්ව සිටියහ.

වැලිගම

advertistmentadvertistment
advertistmentadvertistment