ඩීසල් මිල නැගීමෙන් දුම්රියට දිනපතා කෝටි 2 1/2ක පාඩුවක්

130

ඩීසල් මිල ඉහළ දැමීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුව දෛනිකව ලබන පාඩුව රුපියල් දෙකෝටි පනස්ලක්‍ෂය දක්වා ඉහළ ගොස් ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘දිවයින’ට පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවට දිනකට රුපියල් මිලියන 40ක මුදලක් ඩීසල් සඳහා වැය වුවද දෛනික ආදායම රුපියල් මිලියන 15ක් යැයි ඒ මහතා කීය.

පොදු ප්‍රවාහන කටයුතුවලදී දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යභාරය අතිශය වැදගත් බවද සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේය.

දුම්රිය දෙපාර්තමේන්තුව දෛනිකව ලබන පාඩුව හමුවේ දුම්රිය ගාස්තු වැඩි කිරීමේ සූදානමක් තිබේදැයි ප්‍රවාහන අමාත්‍යාංශයෙන් කළ විමසීමේදී එහි උසස් නිලධාරියකු කියා සිටියේ දුම්රිය ගාස්තු ඉහළ නොදමා සිටියහොත් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යාම අර්බුදයක් විය හැකි බවයි.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment