ඩීසල් මෙට්‍රික් ටොන් 70,000 ක් සහ බොර තෙල් මෙට්‍රික් ටොන් 120,000 ක් ලැබෙයි

183

ඩීසල් මෙට්‍රික් ටොන් හැත්තෑදහසක් සහ බොරතෙල් මෙට්‍රික් ටොන් එක්ලක්‍ෂ විසිදහසක තෙල් සංස්ථාවට ඊයේ (25 දා) වනවිට ලැබී ඇත.

ඩීසල් මෙට්‍රික් ටොන් තිස්දහසක් සහ හතළිස් දහසක් ලෙස මෙසේ ලැබී තිබේ. එම ඩීසල් සඳහා මුදල් ගෙවා ඇති නිසා ඊයේ (25 දා) ගොඩබෑමට නියමිතව තිබිණි.

බොර තෙල් මෙට්‍රික් ටොන් එක්ලක්‍ෂ විසිදහසක් රැගත් නැවේ බොරතෙල් ද ගොඩබෑමට නියමිතව තිබිණි. මීට පෙර ගොඩබාන ලද බොර තෙල් මෙට්‍රික් ටොන් ලක්‍ෂය අදාළ පිරිපහදු කටයුතු සිදුවන නිසා දැවිතෙල්, ගුවන් යානා ඉන්ධන නිපදවා ඊයේ (25 දා) ඩීසල් නිපදවීම ආරම්භ කළ බවත් තව දින තුනකින් පමණ පෙට්‍රල් නිපදවීමට හැකියාව පවතින බවත් උසස් නිලධාරියෙක් පැවසීය.

වෙළෙඳපොළේ ඉන්ධන වල පොඩි හිඟයක් පවතින බව පෙනී ගියත් අද සහ හෙට (26 සහ 27) වනවිට එම තත්ත්වය මග හැරෙනු ඇති බවත් දැනට සංස්ථාව තුළ ලබන අඟහරුවාදා (30 දා) තෙක් පෙට්‍රල් පවතින බවත් තවත් පෙට්‍රල් නැවක් හෙට (27 දා) මෙරටට ළඟා වීමට නියමිත බවත් එම නිලධාරියා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment