ඩීසල් ලීටරය රු. 3000 ට අලෙවි කළ තරුණයා මාට්ටු

351

ලීටරයක් රු. 3000 බැගින් ඩීසල් අලෙවි කරමින් සිටියදී වවුනියාවේ පට්ට්ටානිචූර් ප්‍රදේශයේ තරුණයකු වවුනියාව පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (14 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී ඔහු ළඟ තිබී තවත් ඩීසල් ලීටර් 58 ක් පමණ පොලිසිය විසින් සොයාගෙන තිබේ. වයස අවු. 31 ක් වූ මේ පුද්ගලයා ඩීසල් අලෙවි කර ඇත්තේ ඔහුගේ නිවස පිටුපසදීය. යුද හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment