‘‘ඩීසල් නැහැ. මේ තත්ත්වය යටතේ අලූත් අවුරුද්දෙ ගමේ යන අය වෙනුවෙන් විශේෂ බස් රථ ධාවනය කිරීමේ ගැටලූ මතු වෙලා තිබෙනවා’’ යැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (08 දා) පැවසීය.
මෙම විශේෂ අවුරුදු බස් රථ සේවාවට ඉන්ධන ලබාදීමට ජාතික ගමනාගමන කොමිසම මැදිහත් විය යුතු බව ද හෙතෙම කීය.
මෙහිදී තවදුරටත් කතාකළ ගැමුණු විජේරත්න මහතා මෙසේ ද කීය.
ඩීසල් කොහේවත් නැහැ. මේ තත්ත්වය තුළ පෞද්ගලික බස් රථ විශාල සංඛ්‍යාවක් ගෙවල්වල ගාල් කරලා. තවත් සංඛ්‍යාවක් ඉන්ධන පෝලිම්වල. මේ තත්ත්වය යටතේ අවුරුද්දට ගමේ යන ජනතාව රැුගෙන යෑම පිළිබඳවත් ගැටලූවක් මතු වෙලා තියෙනවා. මේ බස්වලට ඩීසල් ලබා දෙන්න ජාතික ගමනාගමන කොමිසම මැදිහත් වෙන්න ඕනෑ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්