ඩීසල් සහ පෙට්‍රල් බෙදාහැරීමේ අලුත්ම තත්ත්වය

691


දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත මේවන විට අවශ්‍ය පරදි ඩීසල් බෙදාහැරීම ආරම්භකර ඇතැයි ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සඳහන් කරයි. තව දින 10කට පමණ අවශ්‍යතරම් ඩීසල් ඇතැයි ද ඒ සම්බන්ධ ගැටලුවක් ඇති කරගත යුතු නැතැයි ද පවසයි.ඒ අනුව පොදු ප්‍රවාහන සේවාව සහ විදුලි බලාගාර වෙත අවශ්‍ය තරම් ඩීසල් ලබාදිය හැකි බවද පවසයි.නමුත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සම්බන්ධව පවතින ගැටලුව තව දින 03ක් පමණ පවතින බවද පවසයි.පෙට්‍රල් නැවක් කොළඹ වරායට එන්නේ හෙට දිනයේ බවත් එහි ඇති පෙට්‍රල් ගොඩබා පිරවුම්හල් වෙත යැවීමට දින තුනක් පමණ ගතවන බව සඳහන් කරයි.දැනට පවතින පෙට්‍රල් දැඩි සීමාවකට යටත්ව බෙදාහරින බවත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත් කරන බවත් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment