ඩී. එස්. සේනානායක අගමැති වන බව කී විස්මිත නාඩි අනාවැකිය

620

අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛතී‍්‍ර නාහිමියන් විසින් සටහන් තබන ලද සුවිශේෂී දිනපොත් කිහිපයක් හමුවී තිබේ. මෙතැන් පටන් එම දින පොතෙහි සටහන්ව ඇති වැදගත් සටහන් රැුසක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ මගින් ඉදිරිපත් කෙරේ.

 මෙය පනාවැන්නේ මේජර් මහත්තයාගේ මුඛ පරම්පරාවෙන් ආ කතාවෙකි.

ඩී. එස්. සේනානායක අගමැති වන බව කී විස්මිත නාඩි අනාවැකිය


ලියාගත්තේ මදුරාසියේ රායි පෙටාහි කෞමාරි නාඩි ස්ථානයේදීය.

 * මහ නාහිමියන් තම ගෝල ස්වාමීන්වහන්සේගේ අසනීපයක් පිළිබඳව ප‍්‍රත්‍යෙ කාණ්ඩය

 නාඩි වාක්‍යය තුළින් තොරතුරු විමසූ අවස්ථාවක්

 1. මංගල චරණම්

 පියා මතියෙස් අප්පුහාමි, මව සින්නමාණික්‍යම් නමැති දෙමාපියන් ඇති ආනන්ද මෛත්‍රෙයගේ ප‍්‍රත්‍යෙ කාණ්ඩය

 2. මෙතෙම පේමානන්ද කෙනෙකු ගැන සිතා ප‍්‍රශ්න කරයි. හේ ලෙඩෙකි.

 3. හෙතෙම වයස මැදහරියේ දී ලෙඩ විය. ක‍්‍රමයෙන් එය වැඞී ගොස් දැන් එය බරපතළ ලෙස එයින් පීඩා විඳී. ඒ ලෙඩා ගැන මේ කාණ්ඩයෙන් බෙහෙත් බලාපොරොත්තු වෙයි. මේ ගැන බෙහෙත් තිබෙන්නේ ඖෂධ කාණ්ඩයේය.

 4. මේ ලෙඬේ සුව කිරීමට සමර්ථ බෙහෙත් තිබෙන ස්ථානයේ ලිපිනය දෙමි. එයට ඉංගී‍්‍රසියෙන් කියන නම මෙහි දෙමි. හෝමියෝපති ඉන්ස්ටිටිව් කුම්භකෝණම් ඒ ඇඩ‍්‍රස් එකයි.

ඩී. එස්. සේනානායක අගමැති වන බව කී විස්මිත නාඩි අනාවැකිය



5. ඒ ස්ථානයට ලිවුමක් යවනු. එකී ලෙඬේ මුල පටන්ම තත්ත්වය විස්තර කර ලියනු. එවිට තැපෑලෙන් උත්තර වශයෙන් දෙමළ භාෂාවෙන් ලියා යවනු.

 වහාම මෙය කළ යුතුයි.

 එයින් සම්පූර්ණයෙන්ම සනීපය ලැබේ. දීර්ඝායුෂ ද ලැබේ.

 x රට තොට හා ලෝක දේශපාලනය පිළිබඳව නාඩි වාක්‍යයේ කියා ඇති තොරතුරු

 ප‍්‍රත්‍යෙය කාණ්ඩය

 පියාගේ නම කිරිය අප්පුහාමි

 මවගේ නම මැරයින් හාමි

 මොහුගේ නම සෝමානන්ද (ප‍්‍රශ්නකරු)

 ආණ්ඩුව ගැන සෝමානන්ද යන අය ඇසූ ප‍්‍රශ්නයට ලැබුණු පිළිතුර –

ඩී. එස්. සේනානායක අගමැති වන බව කී විස්මිත නාඩි අනාවැකිය


මොහු උපන් දේශයේ ආණ්ඩුව පිළිබඳ කටයුත්තක් අසයි. සෝමානන්දගේ වයස 56 දී එනම් වෙසක් මාසයේදී  අගමැති වන අයගේ නම සේනානායගම් නමැති කෙනෙකි. ඔහුය අගමැති වන්නේ. එසේ නමක් ඇති කෙනෙකු අගමැති වන නමුදු ඔහුගෙන් ලොකු යහපතක් වන නමුදු මේ අතරතුර කාලයේ කල කෝළහල ඇති වී ඒවා අත් නොහැර පවතී. මොහු සෝමානන්දගේ 60 වැනි වයස ඇතුළත මේ කියන අගමැති වෙනස් වී වෙන කෙනෙක් අගමැති කමට පත්වී එන නිසා කොයි ලෙසිනුත් ප‍්‍රයෝජන හා යහපත අඩු නොවන පරිදි ඇතිවන්නේය.

 ලෝකයේ කොරියාව ඊජිප්තුව සහ තවත් රටවල් අතර යුද්ධය කෙරීගෙන යයි. එය අධික වේගයෙන් එයි. කොරියාව යුද්ධය ගැන ඇතිවී තිබෙන කලහය සමාදානවීමට උත්සාහ දරයි.

 පෙර කී යුද්ධය පණ්ඩිත නේරුගේ කීම පරිදි කල්පනා කෙරෙයි. මහා බලවන්තයෝ එකඟ නොවන නිසා දැන් පවත්නා යුද්ධය පෙරට වඩා බලවත්ය. ඉන්දියාවට හතුරන් ඉංගී‍්‍රසි කරගත් සියලූ දෙනා

 කළුරිය කළ ගාන්ධිතුමා විසින් දෙසන ලද අවිහිංසා ධර්මය ඉන්දියාවට සතුරන්ව සිටි ඉංගී‍්‍රසිකාරයෝ පිළි නොගෙන නොයෙක් විධියේ කරදර ඇති කරයි.

 ලෝකයාට සාමදානය ගෙන දෙන්නට දැනුත් වීර්ය කරයි. එසේ වුවද ආසියා අපි‍්‍රකා රටවලට කරදර තිවෙයි.

 බලවත් ඉන්දියාවේ අදහස් ඔවුහු බාර නොගන්නාහ. ඒ හේතුව නිසා ඉන්දියාව සමග ඇති මිත‍්‍රත්වය නැතිවී මේ යුද්ධය නොකඩවා කෙරීගෙන යයි.

 ප‍්‍රශ්නය

 දැන් මෙයින් පසු යුද්ධය අධික ලෙස කෙරීගෙන යයිද?

 එසේ වුවත් මොහුට වයස අවුරුදු 61 ගතවුණාම මේ සියලූ යුද භය නැතිවී සියලූ දෙනාම පණ්ඩිත නේරු කිවු අන්දමට සියල්ල සිදුවෙයි.

 දැන් අගමැතිගේ ආණ්ඩුව නොයෙක් ක‍්‍රමවලින් මහජනයාගේ සිත් රිදවා තිබේ. මේ නිසා මොහු කෙරෙහි මහජන අප‍්‍රසාදය තදින් පවතී. කෙසේ වෙතත් මොහු අගමැති තනතුරේ තවදුරටත් සිටිනු ඇත.

 නව ගිවිසුමක් තවත් අගමැති කෙනෙකු සමග සාදයි. එහෙත් ලංකා අගමැතිගේ කටයුතු ගැන විශ්වාසය තැබිය නොහැකිය. (1950*

 දැනට ආණ්ඩුව බලසම්පන්නව ගෙන යනු ඇත. 1955 පටන් අවසන් වනතුරු වඩාත් හොඳින් කටයුතු කරනු ඇත.

 ඉන්දියානුවන්ට ඒ රටේ සිටින්නට ඉඩ ලැබේ.

 (ශී‍්‍ර ලංකාවේද?)

 නීල් කොයින්ස්ටන් ඩයස් අය දැන් සිටින අගමැති තවත් කොපමණ කල් පවතී දැයි දැනගැනීමට අසයි.

 දැන් මොහුගේ වයස 44 45 46 ගත කළ දැන් අගමැතිම ඒ තනතුර දරණු ඇත.

 මොහුට වයස 47 වූ විට හිරු ගුරුගේ ස්ථානයට එන කාලයේ දැන් අගමැති සිය පදවිය අත්හරියි. වෙට්ටි‍්‍රවන්ඩම් යන නමක් දරන කෙනෙක් අගමැති තනතුරට පත්වෙයි. (13 – 11 – 54* තනි කාණ්ඩම්.

 1. මෛතී‍්‍ර මූර්ති යන අය එක්තරා ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමක උදව්වෙන් කි‍්‍රස්තියානින් බුද්ධාගමට විරුද්ධවාදීකම් කෙසේ මැඩපැවැත්විය යුතු දැයි අසයි.

 2. සිය රටේ පමණක් නොව පිටරට ද තමන්ගේ රටේ බොහෝ තන්හි ද දක්ෂ දේශකයන් ලවා මෙම සත්‍ය දේශනා කරවිය යුතුය. මේ කටයුතු දේශනා පිළිබඳව මොහු ද ප‍්‍රධානත්වයක් ගෙන කි‍්‍රයා කරන්නේය. සාමාන්‍ය මහජනයා අතර පමණක් නොව මේ ප‍්‍රචාරක කටයුතු කළ යුතුයි.

 බදුල්ලේ මෛත‍්‍රී රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment