ඩී.ඒ.රාජපක්ෂ පිළිරුවට හානි

691


තංගල්ල නගරයට එක් වු විරෝධතා කරුවන් පිරිසක් තංගල්ල නගරයේ පිහිටි ඩී.ඒ.රාජපක්ෂ පිළිරුවටද අද සවස හානි සිදුකර ඇත.
තංගල්ල මහවෙල පාරේ පිහිටි කාල්ටන් නිවසට යාබදව ස්ථාපිත කර තිබූ ඩී.ඒ.රාජපක්ෂ පිළිරුව විරෝධතා කරුවන් විසින් මෙලෙස කඩා බිම දමා තිබේ.ඊට අමතරව රාජපක්ෂ වරුන්ට අයත් බව කියන තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ පිහිටි හෝටලයකටද විරෝධතා කරුවන් විසින් ගිණි තබා විනාශ කර තිබේ.තංගල්ල නගරයේ උද්ගතව ඇති තත්වය පාලනය කිරිමට මේ වන විට පොලිසිය කටයුතු කරමින් ඇති අතර තවමත් තැනින් තැන විවිධ සිදුවීම් වාර්තා වෙමින් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment