ඩී. බී. ධනපාල දැයෙන් සමුගෙන අදට වසර 52 යි

175

ශ්‍රී ලංකාවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම පුවත්පත් කලාවේදියකු ලෙස ගෞරව බහුමානයට පාත්‍රවන ඩී. බී. ධනපාල මහතා අභාවප්‍රාප්ත වී අදට (18 දාට) වසර 52 ක් පිරෙයි.

ගාල්ල මහින්ද විද්‍යාලයේ අකුරු කළ දීප්තිමත් ශිෂ්‍යයකු වූ ඩී. බී. ධනපාල මහතා කලක් යාපනය පරමේශ්වර විදුහලේද ඉගෙනුම ලැබීය. එසේ වූයේ මහින්ද විදුහලේ ඔහුගේ විදුහල්පති වූ පියර්ස් මහතා එම විදුහලට මාරු වී යෑමෙන් පසුවය.

අනතුරුව ඉන්දියාවේ අලහභාද් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඉගෙනුම ලැබූ හෙතෙම එම්. ඒ. උපාධිධාරියකුද වූයේය. සර් ඩී. බී. ජයතිලක මහතාගේ ඇරැයුමෙන් කැලණිය ධර්මාලෝක විදුහලේ සේවයට බැඳී එය බැබළවූ විදුහල්පතිවරයකුද වූ එතුමන් ලේක්හවුසියෙන් පත්‍රකලාව ඇරැඹීය. ඉන් ඉක්බිතිව ‘ලංකාදීප’ පත්‍රයේත් දීප්තිමත් යුග මෙහෙවරක් ඉටුකොට ‘දවස’, ‘රිවිරැස’ බිහිකොට මෙරට පත්‍ර කලාවේ පෙරළි රැසකට මං තැනීය. රනී ධනපාල මහත්මිය සමග විවාහ වූ ධනපාල වියතාණන් මහා සිනමාවේදී දිවංගත ඩී. බී. නිහාල්සිංහ, අති දක්ෂ ඡායාරූප ශිල්පියකුව සිටි බී. බී. සුරනිමල, පත්‍ර කලාවේදිනියකව සිටි සුමති ධනපාල දියණියගේද පියාණන් විය. පුවත්පත් කලාවේදීන්ට ආත්ම ගෞරවයක් සහිතව කිසිවකු ඉදිරියේ දණින් නොවැටී ජීවත් විය හැකි අභිමානවත් පරිසරයකට පදනම දැමූවන් අතර ඔහුගේ නාමයද අමරණීය වන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment